ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්

සුමන සමන් දෙව් රඳුන්ගේ ආරාධනයෙන් රහතන් වහන්සේලා පන්සිය නමක් සමඟ සමනල කන්දට වැඩම කළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් ශ්‍රී පාදස්ථානය කරුණාව ආරම්භ වූයේ  පසුගිය උඳුවප් පුර පසළොස්වක පොහොය දියයේදීය. 

ශ්‍රී පාද වන්දනා ගමන ආරම්භ වූ දා පටන්  නොකඩවා සැහැදැවත් බොහෝ පිරිස් පින් රැස් කර ගැනීමේ අරමුණින් මේ වන්දනා කරන අයුරු  දැකගත හැකි විය. 

පුරා මාස 6ක් පුරා පැවති 2024/ 2025 සිරි පා කරුණාව හෙටට යෙදී තිබෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් අවසන් වේ.

චාරිත්‍රානුකූලව පවත්වනු ලබන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව ශ්‍රී පාදස්ථාන මළුවේ තැම්පත් සදහතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පෙරහැරින් පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරය දක්වා වැඩම කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

 ඒ අනුව ශ්‍රී පාදස්ථානයේ සිට නල්ලතන්නිය ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානය වෙත ගමන් ආරම්භ කිරීමට නියමිතයි. 

සහශ්‍රිකා දයානන්ද

women’s Legends Awards 2025 සම්මාන රාත්‍රිය Read Previous

women’s Legends Awards 2025 සම්මාන රාත්‍රිය

සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සාෆියා - ලංකාව රනින් සරසයි Read Next

සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සාෆියා - ලංකාව රනින් සරසයි

Realted Post

Leave a comment