සංචාරකයින්ට තහනම් වූ අද්භූත කාන්දම් දූපත.....

ස්පාඤ්ඤයට අයත් බැලිආරික් දූපත් සමූහයේ අයිබීසා දූපතට ආසන්නයේ පිහිටා ඇති කුඩා ගල් සහිත දූපතක් මේ නමින් හඳුන්වනු ලබන අතර එය බර්මියුඩා ත්‍රිකෝණය සහ උත්තර ධ්‍රැවය හැරුණු විට පෘථිවියේ බලගතු බවෙන් ඉහළ ම භූ චුම්භක බලය (geomagnetic force) සහිත ස්ථානය ලෙස සැලකෙනවා.

සම්පූර්ණයෙන් ම පාහේ ගිනිකඳු පාෂාණයන්ගෙන් සෑදී ඇති මෙහි මොන ම ආකාරයේ හෝ ලෝහ නිධි සොයා ගැනීමට නොහැකි වුවත් මෙම දූපත ආශ්‍රිත ව මාලිමා ක්‍රියා විරහිත වන්නේ ඒවායේ දිශාව පෙන්වන ඊ හිස් ව්‍යාකූලත්වය පත් කරමින්. මෙවැනි හේතු කාරණා නිසා මෙම දූපත ස්පාඤ්ඤ ජනප්‍රවාද සහ අද්භූත කථාන්තර බොහෝමයකට තුඩු දී තිබෙනවා.

මිනිස් වාසස්ථාන නොමැති මෙම දූපත ස්පාඤ්ඤ රජය විසින් ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කර ඇති අතර සංචාරකයන්ට තහනම් කලාපයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සටහන -  කසුනි විජේසිංහ 

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment