සිරි අසිරි භක්ති ප්‍රණාම

ජාතික හා සිනමා පුවත්පත් මෙන්ම මෙරට පළ වූ සඟරා රැසක විශේෂාංග කර්තෘවරයකු හා මාධ්‍යවේදයකු ලෙසත් තිර පිටපත් රචකයෙකු, ගීත රචකයකු,ග්‍රන්ථ කතුවරයෙකු, කවියෙකු මෙන්ම හින්දි භාෂා ගුරුවරෙයෙකු ලෙස ද රැගුම් පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු හා සරසවි සිනමා සම්මාන උළෙලේ ජූරි සභිකයෙකු ලෙසත් ආදී කලා ලොවේ විවිධ අංශයන් නියෝජනය කළ ප්‍රවීණ ජන හිත වාදී සිරි කහවලයන්ගේ අසූ තුන්වෙනි ජන්ම දිනයට සමගාමීව ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් පෙබරවාරි මස 20 වන බ්‍රහස්පතින් දා
 පස්වරු 6 ට කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේ දී පැවැත්වීමට නිදහස් කලා සන්ධානය කටයුතු යොදා ඇත. විවිධ ප්‍රාසාංගික අංගයන්ගෙන් සපිරි වින්දනීය අත්දැකීම් රැසක් එක් වන මෙම සන්ධ්‍යාවේදී,  සිරී කහවලයන්ගේ ජීවන තොරතුරු අළලා සැකසුන වාර්තාමය වැඩසටහනක් සහ සමරු කළඹක් එළිදැක්වීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

  • ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ? Read Previous

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ?

මයිකල් ජැක්සන්: පොප් සංගීතයේ සහ සිනමාවේ අමරණීය උරුමය Read Next

මයිකල් ජැක්සන්: පොප් සංගීතයේ සහ සිනමාවේ අමරණීය උරුමය

Realted Post

Leave a comment