සිරි දළඳා වන්දනාවට සමගාමීව සිතුවම් නිර්මාණය කිරීමේ අවස්ථාවක්

සිරි දළඳා වන්දනාවට සහභාගී වන දරුවන් සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සංවිධාන කරන සිතුවම් නිර්මාණය කිරීමේ අවස්ථාව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.

ලබන 27 වන දින දක්වා  මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව සෑම දිනකම උදෑසන 8.30ට මහනුවර රැජින හෝටලය ඉදිරිපිට දී මෙය ආරම්භ කෙරෙන අතර දිනකට දරු දැරියන් 450ක් සඳහා චිත්‍ර ඇඳීමේ පහසුකම් සලසා දී තිබේ.

සහභාගීවන සෑම දරුවෙකු සඳහා ම වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

මයිකල් ජැක්සන්: පොප් සංගීතයේ සහ සිනමාවේ අමරණීය උරුමය Read Previous

මයිකල් ජැක්සන්: පොප් සංගීතයේ සහ සිනමාවේ අමරණීය උරුමය

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි Read Next

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි

Realted Post

Leave a comment