සුදත් රෝහණගෙන් ඛේත සබැඳිය සහිත කෘති පෙළක් !

සුදත් රෝහණගෙන් ඛේත සබැඳිය සහිත කෘති පෙළක් !

ප්‍රවීණ  චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිර්මාණවේදී සුදත් රෝහණ විසින් කලකට පෙර ටෙලිනාට්‍යයන්  ලෙසින් රූපවාහිනීයට රචනා කල , හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් රචිත මුදියන්සේ මාමා , සිසිලියාට පාඩමක් , උපාසකම්මා සහ මව යන විකුම්සිහ කතන්දර සිව් කෙටි කතා පෙළ , රූපවාහිනී තිර රචනා ග්‍රන්ථයන් ලෙස සිංහල සාහිත්‍යය වංශයට එක්කරලීම , එළැඹෙන සැප්තැම්බර් 25 වන බදාදා  දින සවස 3.00 ට , කොළඹ 07 , පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදු කිරීමට නියමිතව ඇත . මෙහි ඇති සුවිශේෂත්වය වනුයේ ක්ෂණික ප්‍රතිචාර ඛේත සබැඳිය සහිත ප්‍රථම කෘතීන් පෙළ මෙය වීමයි.  තිර රචනා කෘතියෙහි එන ක්ෂණික ප්‍රතිචාර සහිත ඛේත සබැඳිය පරිලෝකනය කිරීමෙන්( Scanning the QR cord ) ඒ, ඒ තිර රචනා මතින් නිර්මිත ටෙලි නාට්‍ය රසවිදීමට හැකිවන අතර ,එය ශ්‍රී ලාංකේය පාඨක රසිකයාට පෙර නොවූ විරූ වින්දන අත් දැකීමක් මෙන්ම , ලෝ වාසී පාඨක ජනකැළට ද ආගන්තුක අත් දැකීමක් වනු ඇත .සාහිත්‍යය කෘතියක් තිර රචනයට නැංවෙන අන්දමද , එය කෙමෙන් සිනමා කෘතියක් ලෙසට රූපාන්තරණය වන අන්දමද මෙම කෘතීන් පෙළ මගින් මනා ලෙස විචිත්‍රවත් කර ඇත . මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය මගින් නිර්මිත  මෙම කෘතීන් පෙළ සරස ප්‍රකාශන ප්‍රයත්නයකි. 

  • ඇන්ටන් ජේ.ප්‍රනාන්දු .

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න Read Previous

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment