හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි

හදිසි සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවට අයත්      C-130 ගුවන් යානය ඊයේ (03) පස්වරුවේ මෙරටට ළගා විය.

කොළඹ සිටින පාකිස්ථාන මහ කොමසාරිස්වරයා විසින් එම සහනාධාර තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දෙනු ලැබු අතර නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතාගේ උපදෙස් මත පාකිස්ථාන හමුදා සෝදිසි හා ගලවා ගැනීමේ ඒකකයේ සාමාජිකයෝ 47 දෙනෙකු සහ අත්‍යවශ්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 6.5ක්  මෙරටට එවා තිබේ.

කූඩාරම් , බ්ලැන්කට්, බ්ලැන්කට් ඇතිරිලි, ජීවිතාරක්ෂක ජැකට්, පිම්බෙන බෝට්ටු, ජලය ඉවත් කරන පොම්ප, ලාම්පු, පැදුරු, මදුරු දැල්, ළදරු කිරිපිටි, කෑමට සූදානම් ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ මෙම සහනාධාර තොගයට ඇතුළත් වේ.

පාකිස්ථාන නාවික හමුදාවට අයත් නෞකා සහ හෙලිකොප්ටර් යානා දැනටමත් ශ්‍රී ලංකාවේ සහන මෙහෙයුම්වල නිරතව සිටී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා අතර පැවති සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාවට ලබා දෙන මානුෂීය සහනාධාර පුළුල් කිරීමට පාකිස්ථානය කටයුතු කර තිබේ.

මානුෂීය සහයෝගය සහ කලාපීය සහයෝගීතාවය සඳහා වන සිය දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දීම පාකිස්ථානය විසින් අඛණ්ඩව සිදුකරනු ඇති බව මෙමගින් යළිත් අවධාරණය කර ඇත.

 

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක් Read Previous

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Next

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

Realted Post

Leave a comment