හේමලයෝ - සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනියෙන්

හේමලයෝ  - සමාජ හිරු එළියෙන් ප්‍රතිබිම්බනය කළ මානවයෝ  සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනියෙන්
අරමුණ හා පරමාර්ථය
අපූර්ව චරිත හා සිදුවීම්වලින් ගලාගෙන ගෙත්තම් වෙන හේමලයෝ රූපවාහිනී ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳෙන නිර්මාණයක් කිරීම හා ඒ තුළින් ජීවිතයේ ඇති යථාර්ථය ඔවුන්ට පසක් කර දීම හේමලයෝ නිර්මාණයේ පරමාර්ථය බවට පත්ව ඇත.
ප්‍රේමය සිය ජීවිතයකොට ගත්තා වූ ඉලංදාරි ගෑනු ළමයෙකුත්, ආදරය ආත්මය කොට ගත්තා වූ සමාජය විසින් කොන් කරන ලද්දා වූ ඉලංදාරි පිරිමි ළමයාත්, සමාජය හා මිනිසා තේරුම් ගැනීමට නොහැකිව අසරණව සමාජ සම්මතය විසින් නිර්මාණය කළා වූ ගතානුගතික ව්‍යාජ මනෝභාවයන්ගෙන් සැදුම්ලත් කුණාටුවකට හසුව ගසාගෙන ගොස් අපූර්ව තැනකට විසිවෙයි.
ස්වකීය උදාර පෝෂණය උදෙසා මෙරමාගේ බොටුව බිඳ ලේ උරාබොන හයිනාවන්ගේ දේශයක සිය ආත්මයට දියවෙමින් ඇති ඉලංදාරි ගෑනු ළමයාගෙන් ජීවිත ඉමේ ගෙත්තම හේමලයෝ නමින් දිගහැරේ. 
සමනලී ෆොන්සේකා, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරි කුමාර, සංජීව උපේන්ද්‍ර , මාධනී මල් වත්ත, ඉෂාන් ගම්මුදලී, දිල්කි හංසිකා සහ ජගත් බෙනරගම යන ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙයි. 
මෙහි අධ්‍යක්ෂණය අරුණ අබේරත්න සහ තිර රචනය ලාල් වසන්ත කරුණාරත්න විසිනි.

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න Read Next

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න

Realted Post

Leave a comment