’’ සුපෙම් සුළඟක් ’’ සමගින් ලවන් -සචින්තනී සිනමාවට....

අතීතයේ පටන් දිනෙන් දිනම සිනමා අඹරට යොවුන් තරු පෑයීම අරුමයක් නොවු සමයක  , ආලින්දයේ ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම දිනාගත් යොවුන් ශිල්පීන් දෙපොලක් වන ලවන් අභිෂේක් සමගින් සචින්තනී කෞෂල්‍යා  සිනමාවට හඳුන්වාදෙන " සුපෙම් සුළඟක් "   නවතම සිනමා නිර්මාණයේ රූ ගත කිරීම් පසුගියදා ඇරඹිණ.  ඔවුන් දෙදෙනා සමගින් ජනප්‍රිය යොවුන් තාරකාවිය නෙත්මි රොෂෙල් එක්ව මවන සංවේදී ත්‍රිකෝණගත ප්‍රේම වෘත්තාන්තයක් " සුපෙම් සුළඟක් "  සඳහා පාදකව ඇත .

    මෙය , " විසංගමනය " තිරයට රැගෙන ආ රන්ජන් ප්‍රසන්නගේ දෙවන සිනමා නිර්මාණයයි.ප්‍රවීණ සිනමා නිර්මාණවේදී සුනෙත් මාලිංග ලොකුහේවා සමගින්  ප්‍රියනාත් විදානපතිරණ එක්ව විරචිත මෙම තිරපිටපත මෙතෙක් සිනමා කෘතියකට හසුනොවූ මාතෘකාවක් මත පදනම්ව නිර්මාණය වී ඇත .
        මතකයේ රැඳී තිබෙනතුරු කිසිවක් කිසිදා අහිමිනොවේ යැයි  කියමනක් තිබුනද , එය එසේ නොවීමට ද ඉඩ නැතුවා නොවේ . සුළඟේ විලාපය මැද ගැඹුරු නින්දක වෙලෙන්නට කාන්තාරයට හැකිවූවත් ,අවංක ආදරයේ පිපාසයෙන් දැවෙන තැවෙන යොවුන් හදවත් වෙත නම් , පතන පෙම් සුව ලැබෙන තුරු නින්දක් ලැබෙන්නේම නැත .
    සුපෙම් සුළඟේ පාව යන්නට ලවන් , නෙත්මි සහ සචින්තනීගේ සහයට සනත් ගුණතිලක , ශ්‍රියන්ත මෙන්ඩිස් , සේමිණී ඉද්දමල්ගොඩ , දුලානි අනුරාධා ඇතුළු ප්‍රවීණයෝ රැසක්ම සැදී පැහැදී සිටිති .
    තිරය පිටුපස සිට කැමරාකරණයෙන් ස්ට්‍රයින ඇඩම්ස්, සංස්කරණයෙන් ශාන් අල්විස් , සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න විජේසිංහ , කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම , අංග රචනයෙන් බුවනෙක රණවක , සංගීත අධ්‍යක්ෂණයෙන් කෙෂාන් පෙරේරා , ශබ්ද පරිපාලනයෙන් ශෂින් ගිම්හාන් පෙරේරා , නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවආරච්චි  , රේඛීය නිෂ්පාදනයෙන් දමින්ද ඩි. මඩවල සහ විධායක නිෂ්පාදනයෙන් තුසිත් රුවින් බණ්ඩාර එක්වන " සුපෙම් සුළඟක් "  සඳුන් දොලමුල්ලගේ දෙවන සිනමා  නිෂ්පාදනයයි .

  • සටහන -  ඇන්ටන් ජේ. ප්‍රනාන්දු .
  • ඡායාරූප  - ඉන්දික මල්ලවආරච්චි

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ? Read Previous

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ?

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment