Clean Sri Lanka යටතේ උතුරේ වෙරළබඩ විවේක උද්‍යාන සංවර්ධනයට

Clean Sri Lanka වෙරළබඩ විවේක උද්‍යාන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ උතුරු පළාත් වැඩසටහන ඊයේ (19) ආරම්භ කෙරිණි. 

අලංකාර සහ පිරිසිදු වෙරළ තීරයක් නිර්මාණය කිරීම සහ දේශීය හා විදේශිය සංචාරක ආකර්ෂණය ඉහළ නංවමින් විනෝදාත්මක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක 14ක වෙරළබඩ ස්ථාන 43කට ආසන්න ප්‍රමාණයක් Clean Sri Lanka සංකල්පය සමග ඒකාබද්ධව වෙරළබඩ විවේක උද්‍යාන ලෙස වැඩිදියුණු කිරීමට නියමිතය. ඊට කුඩා උද්‍යාන, දැකුම්කළු දර්ශන පථ, ඇවිදීමේ මංතීරු ආදිය ඇතුළත් වේ.

මේ අනුව රුපියල් ලක්ෂ  26ක ප්‍රතිපාදන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ පුංකුඩුතිව් වේලනෛහි වෙරළ උද්‍යානයේ සංවර්ධන කටයුතු "හදවතින් යාපනයට " වැඩසටහනට සමගාමීව ඊයේ ආරම්භ කෙරිණි.  

මීටර් 20 ක් පළල , දිගින් මීටර් 100 ක ඇවිදින මං තීරුවක් මේ යටතේ නිර්මාණය කෙරෙන අතර වාහන අංගනයක්, සුව පහසු බංකු 26 ක් ද එහි ස්ථාපනය කෙරේ. කරඳ පැල සිටුවමින් උද්‍යානය නිර්මාණය කිරීමද මේ සමඟ ⁣ආරම්භ කෙරිණි. 

මීට සමගාමීව උතුරු පළාතේ තවත් වෙරළ තීරයන් 05ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ප්‍රමුඛ පරිසර අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය, පළාත් පාලන ආයතන සහ විශ්වවිද්‍යාල ආදී අනෙකුත් ආයතනවල තාක්ෂණික සහායෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

සංවර්ධන කටයුතු අවසන් වූ පසු සංවර්ධිත ස්ථාන නඩත්තු කිරීම සඳහා සුළු පරිමාණ ව්‍යාපාරිකයින්, ආශ්‍රිත සංචාරක ආයතන, ප්‍රජා මූලික සංවිධාන, කැමැත්තක් දක්වන පුද්ගලික සංවිධාන ආදියෙහි සහභාගිත්වය ලබා ගැනීම හෝ අදාළ පළාත් පාලන ආයතනවලට භාර දීම සිදු කෙරේ.

මහජන භාවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘතිය ආරම්භයේ සිටම Clean Sri Lanka වැඩසටහන පිළිබඳව, ව්‍යාපෘතියේ වැදගත්කම සහ ස්වභාවික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා පුළුල් මාධ්‍ය වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකය, 

වෙරළබඩ ප්‍රජාවගේ මෙන්ම සමස්ත ජනතාව තුළ පරිසර හිතාකමී ආකල්ප සංවර්ධනය කිරීම මෙන්ම වෙරළබඩ ප්‍රජාවගේ සහ වෙරළ සම්පත් භාවිතා කරන්නන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ වෙරළබඩ සම්පත් මත පදනම් වූ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම මෙම වැඩසටහනින් අපේක්ෂා කෙරේ.

 

සිරිකත වෙබ් අඩවිය සහ සිරිකත සමාජ මාධ්‍ය ජාලය විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලබයි Read Previous

සිරිකත වෙබ් අඩවිය සහ සිරිකත සමාජ මාධ්‍ය ජාලය විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලබයි

හංසි නැන්දව බලන්න ඇවිත් හුරතල් කතා ගොඩක් කියපු පුංචි සයේන් Read Next

හංසි නැන්දව බලන්න ඇවිත් හුරතල් කතා ගොඩක් කියපු පුංචි සයේන්

Realted Post

Leave a comment