Mother of Trees ... තුල්සී අම්මා දිවිගමනට සමුදෙයි

කීර් තිමත් පරිසරවේදියෙකු සහ පද්ම ශ්‍රී සම්මානලාභී “වෘක්ෂ මාතේ” (Mother of Trees) ලෙසින් හඳුන්වනු ලබන තුල්සි ගෞඩා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ, කර්නාටක ප්‍රාන්තයේ උත්තර කන්නඩ දිස්ත්‍රික්කයේ අංකෝලා තලූක්හි පිහිටි හොනාලි ගම්මානයේ පිහිටි ඇයගේ නිවසේ දී ඈ මිය යන විට 86 වැනි වියේ පසු වී ඇත.

1944 දී හැලක්කි ගෝත්‍රික ප්‍රජාවේ උපත ලද තුල්සි ගෞඩා, පරිසර සංරක්ෂණයේ ප්‍රබලයෙකු වන අතර ස්වභාවධර්මය පෝෂණය වෙනුවෙන් සිය ජීවිතයේ දශක හයකට වැඩි කාලයක් කැප කළ කාන්තාවකි.

ඉන්දියාවේ වනාන්තර දෙපාර්තමේන්තුවේ තවානක දෛනික වැටුප් කම්කරුවෙකු ලෙස සේවය කළ මැය වසර ගණනාවක් පුරා, අංකෝලා සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ගස් දහස් ගණනක් සිටුවා පෝෂණය කිරීමේ ගෞරවයට පාත්‍ර වී ඇත. 

ශාක පිළිබඳ සුවිශේෂී දැනුමකින් යුතු ඇය “පැලෑටි විශ්වකෝෂය” ලෙස හඳුන්වයි. 

පාරිසරික තිරසාරත්වය සඳහා වූ ඇයගේ කැපවීම ඉන්දියාවේ ජාතික ඇගයීමට 2021 වර්ෂයේදී ලක් වූ අතර ඇය විසින් පරිසරයට කළ විශිෂ්ට දායකත්වය අගයමින් ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානවලින් එකක් වන පද්ම ශ්‍රී සම්මානය, 
ධර්වාඩ් කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් සහ කීර්තිමත් ඉන්දිරා ප්‍රියදර්ශනී වෘක්ෂ මිත්‍ර සම්මානය ඇතුළු තවත් සම්මාන කිහිපයක් ලබා තිබේ.

Diamond Excellence Awards 2025 Read Previous

Diamond Excellence Awards 2025

ICONIC AWARDS 2025 විජය පුවත්පත් සමාගමට සම්මාන රැසක් Read Next

ICONIC AWARDS 2025 විජය පුවත්පත් සමාගමට සම්මාන රැසක්

Realted Post

Leave a comment