Sri Lankan Top 100

පසුගිය වසර කිහිපයේදී  ම ශ්‍රී ලංකාව වෙනුවෙන් සේවයක් කළ එහි නම රැන්දු සියයක් අගය කරමින් "Top Hundred" සම්මාන උළෙල පැවැත්වේ.ඒ අහස මාධ්‍ය කණ්ඩායමේ සංකල්පයක් ලෙස අද දින (26)  සවස 3.00ට කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී ය.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී  ශ්‍රියානි අමරසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  මධුර විතානගේ යන අයගේ සහභාගිත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙන අතර උද්දික පේමරත්න, බුද්ධික රඹුක්වැල්ල, ශලනි තාරකා,සනෝජා බිබිලේ සහ අශාන්ති වර්ණකුලසූරිය  වැනි කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ විද්වතුන්  රැසක් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

කලාකරුවන් සහ මාධ්‍යවේදීන් පිරිසක් විසින් පිහිටුවා ගනු ලැබූ ස්වේච්ඡා සංවිධානයක් වන මෙම අහස මාධ්‍ය කණ්ඩායම විසින් නායකත්වය යන තේමාව යටතේ සමාජය අභිප්‍රේරණය කිරීමේ අරමුණින්  විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.මෙහිදී අහස මාධ්‍ය කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරිනී ප්‍රියංකා බණ්ඩාරනායක පැවසූ ආකාරයට අහස නාට්‍ය නිවසින් සහ ප්‍රකාශන ආයතනය මගින් ලැබෙන ආදායම මේ සඳහා ආයෝජනය කරයි.ඒ අතර වසරකට සම්මාන උළෙලවල් 04 ක් පවත්වනු ලබයි."Top Hundred"  සම්මාන උළෙල ඉන් එකක් වන  අතර ෆෙරමීඩ් විල්වා ආයතනය  මෙවර ප්‍රධාන අනුග්‍රාහය දක්වයි.

සටහන - නෙත්මි 

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Next

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

Realted Post

Leave a comment