අයිස් ක්‍රීම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වේ.


රංගන ශිල්පි ප්‍රදීප් ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කල "අයිස් ක්‍ර්‍රීම් "චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීම පසුගියදා , චිත්‍රපටයේ රංගන හා කාර්මික ශිල්පීන් , මාධ්‍යවේදීන් සහ විශේෂ ආරාධිතයින් පිරිසක් ඉදිරියේදී සිදුවිය .කල්පාන්විත ලෝකයත් යථාර්ථයත් අතර අතරමං වූ , රැකියා විරහිත පැල්පත් නිවාසවාශි සෙල්ලක්කාර  තරුණයකුගේ ජීවන චර්යාවන් පිළිබඳව දිගහැරෙන ,  නුදුරේදීම තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයේ , හේමාල් රණසිංහ , බිමල් ජයකොඩි, රොෂාන් රණවන , අයිශාරා අතුකෝරාළ , සරත් කොතලාවල , ජයලත් මනෝරත්න ,දමිතා අබේරත්න ,රුක්මල් නිරෝෂ් , වීණා ජයකොඩි ,මධුශාන් නානායක්කාර , චින්තක වාස් , ආනන්ද කුමාර උන්නැහේ , කෝරළගේ සමන් , අංජන ප්‍රේමරත්න ඇතුළු පිරිසක් රංගනයෙන් දායකව ඇත . කලණ ගුණසේකරගේ තිර රචනයකට අනුව නිර්මාණය වූ මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක සෝමකීර්ති , සංස්කරණයෙන් රුක්මල් නිරෝෂ් , සහය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර , වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ , සංගීත අධ්‍යක්ෂණයෙන් කසුන් කල්හාර, ගීත රචනයෙන් මංජුල වෙඩිවර්ධන , ගීත ගායනයෙන් කසුන් කල්හාර , කුෂාණි සඳරේඛා සහ ශේන් සිං ඇතුළු පිරුසක් දායකව ඇති " අයිස් ක්‍රීම්" කෝකිලා විතානගේ සමගින් දුමින්ද පියරත්න එක්ව නිෂ්පාදනය කර ඇත .

  • ඇන්ටන් ජේ.ප්‍රනාන්දු 

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025 Read Previous

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025

වසරේ හොදම කතෘ සිරිකත කතෘ අශන්ති වරුණසූරිය Read Next

වසරේ හොදම කතෘ සිරිකත කතෘ අශන්ති වරුණසූරිය

Realted Post

Leave a comment