අවතැන් ව සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත අවශ්‍ය ද්‍රව්‍ය ලබා දිම

නාය යැම් හේතුවෙන් අවතැන් ව සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත අවශ්‍ය ද්‍රව්‍ය ලබා දිම සදහා මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතිය මගින් පාලනය වන වැඩිහිටි නිවාස දෙකෙහි වැඩිහිටියන් විසින් සවේඡාවෙන්ම තමාට ලැබුණු පරිත්‍යාග සමිතිය වෙත ලබා දිම ඊයේ (02) සිදු විය.

මාතලේ මඩවල එල් .වර්ණකුලසුරිය වැඩිහිටි නිවාසය,ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසයන් හි වැඩිහිටියන් විසින් මෙම භාණ්ඩ ලබා දිම සිදු කළ බව සමිතියේ  සභාපති ඉසුරු ජයවර්ධන මහතා පැවසිය.

ඒ අනුව මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතිය මගින් ක්‍රියාත්මක කදුළට සවියක් වැඩසටහන මගින් මෙම භාණ්ඩ මාතලේ සුරක්ෂීතතා මධ්‍යස්ථානයන්හි සිටින පිරිස්වෙත ලබා දිම පියවර ගන්නා බව ද සභාපතිවරයා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක් Read Previous

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක් Read Next

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

Realted Post

Leave a comment