අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය

අවුරුදු 13ක් වයසැති ගැහැණු දරුවෙක් දින 5ක් සිරකරගෙන 30දෙනෙකු අතවර කළ බවට ඉතාමත් සංවේදී ඛේදනීය සිදුවීමක් ඉන්දියාවෙරාජස්ථාන් ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

පාසල් නිමා වී ත්‍රිරෝද රථයකින් නිවාස බලා යන අතරතුරදී එම ත්‍රිරෝද රථ රියදුරා බාල වයස්කාර දැරිය පැහැරගෙන ගොස් එම ප්‍රදේශයේ හෝටලයකට විකුණා ඇති බව සදහන්. ඇය එලෙස හෝටල් කිහිපයකටම ගෙනගොස් ඇති බව සදහන්.

පසුව එම හෝටල් හිමිකරු සහ තවත් 30දෙනෙක් මේ අහිංසක දැරිය දවස් 5ක් වරින්වර අතවරකර දුෂණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පලකර තිබෙනවා.

පාලයන් විසින් කාන්තාවන් සහ දරුවන් සම්බන්දයෙන් දැඩි නීති රීති ගෙන ආ යුතු බවට පවසමින් ඉන්දියාවේ ජනතාව විදී බසිමින් මීට දැඩි විරෝධත්වය පල කළා.

පුංචි මල් කැකුල කතා කරන වීඩියෝවේ එය නැරබීමට නොහැකි තරමට සංවේදී එකක් බවට පත් වෙනවා. මේවන විට එම සිදුවීමට අදාලව පිරිස් අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. එවැනිම අදාල හෝටල් ඉන්දීය පොලීසිය විසින් කඩා බිද දමලා.

කෙතරම් දියණු ලෝකෙක හිටියත් මෙවන් සිදුවීම් තවම සිදු වෙනවා. ඉතිං දරුවන් ගැන විමසිල්ලෙන් ඉන්න එවැනිම ඔවුන්ට වටපිටාව, මිනිසුන් හදුනාගැනීම් ගැන හොදින් කියාදෙන්න. 

අශන්ති වරුණසූරිය

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Previous

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Next

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

Realted Post

Leave a comment