ආපසු එනවා මගේ සිත ඉබි ගමනින්.....කියූ ප්‍රියා ජීවිත ගමනට සමුදෙයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රවීණ ගායන ශිල්පී පියාසූරිය සේන මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු අභාවප්‍රාප්ත වන විට 80වන වියෙහි පසුවූ අතර, ප්‍රියා සූරියසේන මෙරට ගායන ක්ෂේත්‍රයට සදා නොමියෙන හඬක් ඉතිරි කළ ක්ෂේත්‍රයේ ජනප්‍රියතම ගායකයෙක් විය. එමෙන්ම ඔහුගේ මිහිරි හඬින් ගායනය කළ ගීත ගණනාවක් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ සදා සුරැකිව ඇත.
ඈත රන්විමන්, ආදරණීය නේරංජනා, මට වාසනා,සුදු පරෙවි රෑන, හෙට දවස, වැනි ජනප්‍රිය ගීත අතරින් වඩාත් ජනාදරයට පත්වන ඔහු තම සංගීත ගමන ආරම්භකර ඇත්තේ සමූහ ගායන කණ්ඩායමක් හරහාය. පසුව ඔහු තනි ගායකයකු ලෙස ක්ෂේත්‍රයට පිවිසෙමින් තමන්ගේ උපරිම දක්ෂතාවයන් පෙන්නන්නට විය. 
සංගීත ලොවට මිහිරි මතක එක්කල කලාකරුවාණෙනි ඔබට අපි නිවන් සුව පතමු.

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment