ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

කලා සිත් රූ කලා පදනමේ විසි වන සංවස්තරය නිමිත්තෙන් පදනමේ ගරු සභාපති දේශමාන්‍ය රෝහණ කොස්තා මැතිතුමාගේ සංකල්පයකට අනුව ගරු අනුශාසක රළපනාවේ අරියසාර ස්වාමීන්වහන්සේගේ මගපෙන්වීම යටතේ "ආවර්ජනා" අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය පසුගියදා (2024.08.31) හෝකන්දර ශ්‍රී සද්ධර්ම රත්නාරාම විහාරස්ථ ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන ලදි.

මෙහිදී එච් ආර් ජෝතිපාල , ඇන්ටන් රොද්‍රිගු , එම්.එස්.ප්‍රනාන්දු , ගුණදාස කපුගේ වැනි නැසීගිය ප්‍රවීණ කලාකරුවන් සිහිපත් කරමින් සංගීත සන්ද්‍යාව වර්ණවත් වූ අතර ඊට සමගාමීව පවත්වනු ලැබූ සම්මාන ප්‍රධානෝත්සවයේදී කලාකරුවන් , පොලිස් නිළධරුවන් සහ  සමාජ සේවකයින්  රැසක් ඇගයීමට ලක් කරන ලදි. මෙහිදී සම්මානය ට පාත්‍රවූ කලාකරුවන් අතර ජනප්‍රිය ගායන ශිල්පී පාලි බග්‍රා, සරත් රොද්‍රිගු , එච්.ආර්.සොයිසා , නාමල් කොළඹ ආරච්චි , අමිල ප්‍රදීප් , ගමිදු රාවතාවත්ත , ශාන්ත ප්‍රනාන්දු , බන්ධුල කේ.ජාගොඩ වැනි කලාකරුවන් විශාල ප්‍රමාණය කි.

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment