ඉංග්‍රීසියෙන් පරිවර්තනය කළ ත්‍රිපිටක ධර්ම පොත් කට්ටලය ලබා දීම- අලුවිහාරයේදී

ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඨ කළ මාතලේ  ඓතිහාසික අලුවිහාර රජමහා විහාරස්ථානය වෙත ත්‍රිපිටක ධර්මය ඉංග්‍රිසියෙන් පරිවර්තනය කළ ත්‍රිපිටක ධර්ම පොත් කට්ටලයක් ලබා දිම පසුගියදා අලුවිහාර රාජ මහා විහාරස්ථානයේදි සිදු විය.

අදාළ පොත් කට්ටලය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් ඉෂාන් විජේතිලක මහතා විසින් අලුවිහාර රජමහා විහාර භාරකාර ආචාර්ය අලුවිහාරේ සරණංකර හිමි පාණන්වහන්සේ වෙත ලබා දුන්හ.
මෙම අවස්ථාවට විහාරස්ථ දායක සභාවේ උප සභාපති, මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතියේ සභාපති දේශබන්දු ඉසුරු ජයවර්ධන මහතාද සහභාගි විය.

ඡායාරුපය

 ඉංග්‍රිසි ත්‍රිපිටක ධර්ම පොත් කට්ටලය  බස්නාහිර පළාත් අෘණ්ඩුකාර ලේකම් ඉෂාන් විජේතිලක මහතා විසින් අලුවිහාර රජමහා විහාර භාරකාර ආචාර්ය අලුවිහාරේ සරණංකර හිමි පාණන්වහන්සේ වෙත ලබා දුන් අයුරු

මාතලේ මහේෂ් කිර්තිරත්න

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ? Read Next

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ?

Realted Post

Leave a comment