කලා සිත් රූ කලා පදනම 18 වෙනි වරටත් කලාකරුවන් අගයයි

කලා සිත් රූ කලා පදනමේ 18 වෙනි සංවත්සරය නිමිති කොටගෙන කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ පොලිස් නිලධාරීන් ඇගයීමේ උළෙල 18 වෙනි වරටත් පසුගියදා පැවැත්වුණා. ඒ එහි සභාපති දේශමාන්‍ය රෝහණ කොස්තා මැතිතුමාගේ සංකල්පයකට අනුව හෝකන්දර උතුර රත්නාරාම විහාරාස්ථාන ශාලාවේදී ය.එහිදී  සූර්ය කුමාර මුත්තලගේ ,ජාලිය රණතුංග ,ඩී .බී ගංගොඩතැන්න,එස්. කලාවතී ,ආචාර්ය සමන්ති සාගරිකා ,අශාන්ති වර්ණසූරිය ,අමිල තරංග ,ෆීලික්ස් ඇන්ටන් ,සරත් රොද්‍රගු ,සුමිත්,මුද්දනායක නාමල්  කොළඹආරච්චි වැනි කලාකරුවන්,මාධ්‍යවේදීන් සහ පොලිස් නිලධාරීන්  රැසක්  එක්ව සිටි අතර ඔවුන් සියලු දෙනාම සම්මානයෙන් ද පිදුම් ලැබීය.

 එදින කථනය විජිත රණවීර විසින් සිදු කරනු ලැබූ අතර එහිදී  උත්සව අවස්ථාව සංගීවත් කිරීමට සීදුව සක්‍රා සංගීත කණ්ඩායම සමත් වුණා.කලා පදනමේ ගරු අනුශාසක රළපනාවේ ආරියසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ උත්සව අවස්ථාව ආමන්ත්‍රණය කරමින් පවසා සිටියේ මෙම කලා පදනම කලා සිත් රූ කලා පදනම යටතේ සමාජ සේවා රැසක් ඉටු කරන බවත් බඩුමලු බෙදා හැරීම , අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ට පොත්පත් බෙදා හැරීම ,දරුවන්ගේ චිත්‍ර  හැකියාව උරගා බලමින් චිත්‍ර ප්‍රදර්ශන පවත්වා සහතික පත්‍ර ලබාදෙමින්  ඔවුන්  ඇගයුමට ලක් කිරීම ඉන් කිහිපයක් වන බවත් ය. එපමණක් නොව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කලාකරුවන් වෙත බඩු මල්ලක් ලබාදීමට කටයුතු කෙරුණු බව එහිදී  තවදුරටත් ප්‍රකාශ විය.එහිදී එහි ගරු සභාපති දේශමාන්‍ය  රෝහණ කොස්තා මහතාගේ ශක්තිය සහ ධෛර්යය ඇගයුමට ලක් කරමින් ඊට එක් වූ සහ සහයෝගය දැක්වූ සියලු දෙනාටම ස්තුති ප්‍රශංසා කිරීමට උන්වහන්සේ අමතක නොකළේ ය.

සටහන -නෙත්මි තෂාරා

රයිගම් සම්මාන උළෙල 2024 Read Previous

රයිගම් සම්මාන උළෙල 2024

රයිගම් සම්මාන උළෙල 2024 Read Next

රයිගම් සම්මාන උළෙල 2024

Realted Post

Leave a comment