ගායක අනිල් භාරතී දිවි ගමනට සමු දෙයි

ගායන ශිල්පී අනිල් භාරතී මහතා පානදුර රෝහලේ දී  මියගිය බව වාර්තා වේ. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවිය. මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙක් වූ ඔහු බෙත් ලෙහෙම් පුරේ - දිළිඳු ගව ලෙනේ යන ගීතය අදටත්  රසිකයින් අතර ජනප්‍රිය වේ.

මෙම ගායකයා ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීමද විශේෂත්වයකි .එසේම 1970 සහ 1980 දශකවල  ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් ඔහු සංගීත ලෝකයේ විශේෂ ස්ථානයක් ලබා ගත් ගායකයකු බවද සිහිපත් කළ යුතුය . "අදවේ ඉරුදින", "රෝසි මගේ රෝසි", ඉරු දින පමණක් ,මං ආදරෙයි නංගියෙ,පුන්චි ගිරවෝ,සිහිනිග වටකුරු ,සුලග සමග එකතු වෙලා,"ටිකිරිමලී", "සිතල සඳ එළියේ" “බඹරෙකු ඇදුනා”, “දෑස විදාලා”, “හිරු උපදින විට”, “ඉසුරුමුණි”, “නුවර වැවේ” “සිතල සඳ එළියේ”, “සුදුවැලි පාරේ” වැනි බොහෝ ගී ඔහු අපේ ගී ලොවට දායාද කරඇත.
වසර 50ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කර ඇති ඔහු වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද කටයුතු කර ද ඇත.

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න Read Previous

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Next

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

Realted Post

Leave a comment