ගොක් කොළ කලාවෙන් සිය නිර්මාණ සිදු කරන ගිහි පැවිදි සහෝදරයන් දෙදෙනෙක්

ගොක් කොළ කලාවෙන් සිය නිර්මාණ සිදු කරන  ගිහි පැවිදි සහෝදරයන් දෙදෙනකු  පසුගියදා මාවතගම දි අපට මුණගැසුණි. 

ඒ මාවතගම වික්‍රමසිංහපුර ධර්මසිංහාරාම විහාරාධිපති මකුලේමඩ ඤාණානන්ද හිමියන් සහ ගුරුවරයෙකු වන සදුන් දර්ශනය.

විහාරස්ථානයේ සිදු කරන ධර්ම දේශනා,පිරිත් පිංකම් ඇතුලු අනෙකුත් පිංකම සදහා ධර්මාශන සහ පිරිත් මණ්ඩප තොරණ ආදිය සිදු කරන්නේද ඤාණානන්ද හිමියන් සහ සිය සහෝදරයා ඇතුලු තරුණ පිරිස් විසින්ය.

එය කාගෙත් පැසසුමට ලක්වනවා. ශ‍්‍රී ලාංකේය අනන්‍යතාව ලොවට විදහාපාන එක් සැරසිලි ක්‍රමයකි. 'ගොක් කලාව'.ගැමි ජනයා තොවිල් - පවිල්වලට, පිරිත් මණ්ඩපයට, තොරණට, මඟුලට, මරණෙට ගොක් කොළ සැරසිලි යොදාගත් අතර . ළපටි පොල් කොළයගොක් කොළය ලෙස මෙම නිර්මාණ සදහා යොදා ගැනේ.

සිය නිර්මාණ පිළීබදව අප වෙත අදහස් දැක්වු මාවතගම වික්‍රමසිංහපුර ධර්මසිංහාරාම විහාරාධිපති මකුලේමඩ ඤාණානන්ද හිමියන් මෙසේ පැවසිය.

"මාගේ අම්මාගෙ පියතුමන් මාගේ සීයා එන්.ටී.ආරියදාස හිටපු විදුහල්පති.සීයාට කලාව පුලුවන් .ඒ ආභාෂයෙන් පුංචි කාලේ සිටම වැඩිමල් මුණුබුරා හැටියට මට කලා වැඩ පුරුදු උනා.චිත්‍ර ඇදීම සියුම් කලා වැඩ විවිධ ලෙස කලා කටයුතු පුලුවන් .ඒ අතර ගොක්කොල කලාවත් සීයා එක එක නිර්මාණ කරනවා දැක ඉගෙනගත්තා.මම පැවිදි උනත් දිගටම කලාකටයුතු කරගෙන යනවා.එන්.ටී.අජන්තා ස්වර්ණතිලකා මගේ අම්මටත් කලා වැඩ පුලුවන් .මගේ පොඩි මල්ලිටත් මම මට පුලුවන් හැම කලාත්මක වැඩ කියලා දීලා එයත් මම සමග ඒ වැඩ කරන අතර එයා චිත්‍ර කලා පැත්තෙන් හතරලියද්ද ජාතික පාසලේ විද්‍යාපීඨ උපාධි ගුරුවරයෙක් දැන්. අපි දෙන්නා එකතුවෙලා මෙම නිර්මාණ සිදු කරනවා යැයිද උන්වහන්සේ පැවසිය.


මාතලේ මහේෂ් කිර්තිරත්න

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය දික් කරන්නේ නැහැ Read Previous

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය දික් කරන්නේ නැහැ

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය දික් කරන්නේ නැහැ Read Next

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය දික් කරන්නේ නැහැ

Realted Post

Leave a comment