චිත්‍රපට, සංස්කෘතිය සහ සහයෝගීතාවය සමරමින් දීපා මේතා ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තරව පිළිගත් චිත්‍රපට නිෂ්පාදිකා දීපා මේතා විශේෂ සිනමා සහයෝගීතාවයක් සඳහා මෙරට පැමිණියා. 

එම හමුව පසුගිය දා සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෙවත් සිනමන් ලයිෆ් හි සංවිධානය කර තිබුණා. 

මෙම මාධ්‍ය හමුව ගෝලීය චිත්‍රපට නිෂ්පාදනයේ සහ සංස්කෘතික සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට හේතුවන් වන ඇති. 

එමෙන්ම මෙම හමුවට මාධ්‍යවේදීන් ඇතුළු රජයේ ප්‍රධානීන් රැසක් එක්ව සිටියා. 

ශ්‍රී ලංකාව සමඟ ඇගේ කල් පවතින සම්බන්ධතාවය පිළිබිඹු කරමින් දීපා මේතා මෙහිදී සිය වදන් ගෙනහැර දැක්වූවා. 

ඇගේ ප්‍රකාශයන් මෙරටත් සමග ගැඹුරු කලාත්මක බැඳීමක් ඉස්මතු කළ අතර ශ්‍රී ලංකාව හුදෙක් රූගත කිරීමේ ස්ථානයක් නොව නිර්මාණාත්මක අභයභූමියක් ලෙස අවධාරණය කර සිටියාය. 

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මෙම අවස්ථාවට සහභාගීවෙමින් කියා සිටියේ මෙම සහයෝගීතාවය චිත්‍රපට කර්මාන්තයේ උපායමාර්ගික සහයෝගය තහවුරු කරන බවයි. 

සටහන - කසුනි විජේසිංහ 

 

 

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Previous

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Next

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

Realted Post

Leave a comment