ජනතාවගේ ජන ජීවිතය යතාතත්වයට පත්කරන දේශයේ මුර දේවතා එළි

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත් වී සිටින ජනතාවගේ ජන ජීවිතය යතාතත්වයට පත් කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් සිදුකරන සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ. 

ඒ අනුව, විශේෂඥ මනෝචිකිත්සකයින්, මනෝවිද්‍යාත්මක උපදේශකයින් සහ අනෙකුත් මානසික සෞඛ්‍ය වෘත්තිකයන් ඇතුළු යුද හමුදා රෝහලේ මානසික සෞඛ්‍ය ඒකක කණ්ඩායම, 2025 දෙසැම්බර් 10, 11 සහ 12 යන දිනවල අඹතලාව, කටුකිතුල, කොත්මලේ සහ රම්බොඩ යන නායයෑම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල සංචාරය කර, පීඩාවට පත් ප්‍රජාවන්ට මානසික සහය සහ මානසික සෞඛ්‍ය සේවා ලබා දෙන ලදී.

පීඩාවට පත්ව සිටින ළමා, කාන්තා හා අනෙකුත් පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය මට්ටම ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණයි.

භාවනාවෙන් අඩු කරන ඩිමෙන්ෂියා Read Previous

භාවනාවෙන් අඩු කරන ඩිමෙන්ෂියා

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue Read Next

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue

Realted Post

Leave a comment