ජාත්‍යන්තර වලාකුළු දිවියන්ගේ දිනය

ජාත්‍යන්තර වලාකුළු දිවියන්ගේ දිනය සෑම වසරකම අගෝස්තු මස 4 වැනි දින සමරනු ලබනවා. සත්ත්වෝද්‍යානවල සහ වනයේ සිටින මෙම සතුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම උදෙසා වලාකුළු දිවියන් පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමේ අරමුණින් මෙය සමරනවා.

වලාකුළු දිවියන් අග්නිදිග ආසියාවේ වනාන්තරවල ජීවත් වන අතර පැරණිතම බළලුන් විශේෂයක්. වලාකුළු දිවියන් එසේ නම් කර ඇත්තේ වලාකුළු මෙන් පෙනෙන ඔවුන්ගේ සමේ ඇති අද්විතීය ලප රටා හේතුවෙන්. 

මෙම සුන්දර හා ලැජ්ජාශීලී බළල් විශේෂය මධ්‍යම සහ ගිනිකොණදිග ආසියාවේ වාසය කරනවා. මොවුන් විශේෂ දෙකක් දක්නට ලැබෙනවා. එයින් වලාකුළු දිවියා ප්‍රධාන භූමි වලාකුළු දිවියා ලෙස හඳුන්වනවා. මොහු ආසියානු ප්‍රධාන භූමියට ආවේණික වෙනවා. දෙවන විශේෂය වන සුන්ඩා වලාකුළු දිවියා බෝර්නියෝ සහ සුමාත්‍රා දූපත්වල ජීවත් වෙනවා.

පිරිමි සතුන් කිලෝග්‍රෑම් 23 දක්වා බරින් යුක්ත වන අතර ගැහැණු සතුන් සැලකිය යුතු ලෙස කිලෝග්‍රෑම් 11 - 21 දක්වා කුඩා වෙනවා. මාංශ භක්ෂක සතෙක් වන වලාකුළු දිවියාගේ ප්‍රධාන ගොදුර වන්නේ ගිබන්, මැකේක්, උණහපුළුවන්, කුඩා මුවන් සහ වල් ඌරන් වන අතර ඔවුන් ගස්වල සැඟවී සිට හෝ බිම සිට ගොදුරු වටකර පහර දී දඩයම් කරනවා. වලාකුළු දිවියාගේ සාමාන්‍යය ආයු කාලය අවුරුදු 12 සිට 15 දක්වා වෙනවා. 

ඔවුන්ගේ වාසස්ථාන හැකිලීම සහ ලොම් සඳහා නීති විරෝධී ලෙස මෙම සතුන් දඩයම් කිරීම ඔවුන්ගේ ජනගහනයට නිරන්තර තර්ජන ඇති කරනවා. දැනට ඇස්තමේන්තු පෙන්වා දෙන්නේ වනයේ ජීවත් වන වලාකුළු දිවියන් 10,00කටත් වඩා අඩු බවයි.

සටහන - සහශ්‍රිකා දයානන්ද 

ඊමානියා අරාබි විදුහලේ මවුලවිවරු උපාධි උත්සවය Read Previous

ඊමානියා අරාබි විදුහලේ මවුලවිවරු උපාධි උත්සවය

’දශබල ශරීර නල්ලියා’’ දේව්නිමෝරි ධාතූන් වහන්සේලා වන්දනාව Read Next

’දශබල ශරීර නල්ලියා’’ දේව්නිමෝරි ධාතූන් වහන්සේලා වන්දනාව

Realted Post

Leave a comment