දර්ශ කපුගේ ලියූ බඹර කුලේ ගීතය එළිදකී

 

ඔහු ගීත රචකයෙක් පමණක් නොව පත්තර කලාවේ දක්ෂ චිත්‍ර ශිල්පියෙකු සහ ලේඛකයෙකි. ඇල්පිටිය ගමේ ඉපිද, ඇල්පිටිය ආනන්දයෙන් අධ්‍යාපනය ලබා අවසානයේ ඔහු තමන්ගේ වෘත්තිය බවට පත්කර ගන්නේ ලේඛන කලාවයි. ජාතික තලයේ පුවත්පත් කිහිපයකම කටයුතු කළ ඔහුගීත රචනයට පිවිස තිබේ. 


ඔහු නමින් දර්ශ කපුගේ ය. 


මේ වන විටත් ආධුනිකයන්ට මෙන්ම ප්‍රවීණයන් වෙනුවෙනුත් ගීත රචනය කර ඇති ඔහුගේ නවතම ගීත නිර්මාණය වන ‘බඹර කුලය’ නම් ගීත නිර්මාණය එළි දක්වා ඇත. 


“කලා නිර්මාණයක් කරනවා කියන්නේ වගකීමක් වගේම හිතක් ලබන ඉහළම ආත්ම තෘප්තියක්. ඒ හැඟීම සෑම ක්ෂේත්‍රයකම දකින්න අමාරුයි. මමත් පුංචි කාලේ ඉඳලම කලාවට ආදරය කරපු කෙනෙක්. ලේඛන කලාවට හැකියාවක් තිබුණු නිසාම මට හිතුණා ගීත නිර්මාණය පැත්තටත් යොමු වුණොත් හොඳ දෙයක් කරන්න පු`ඵවන් වේවි කියලා.


විශේෂයෙන් ආධුනිකයන් වෙනුවෙන් බොහෝ වෙලාවට සමහර ප්‍රවීණයින් ගීත ලියන්න එතරම් කැමැත්තක් නැහැ. ඒ නිසා ආධුනිකයින් වෙනුවෙන් මම ගීත රචනා කරන්න උත්සාහ කළා. 

මේ වන විට ආධුනිකයින්ට මෙන්ම ප්‍රවීණයන් වෙනුවෙනුත් මගේ අතින් ගීත රචනය වී තිබෙනවා. 


බඹර කුලය ගීතය අවංකව පුදකරන ප්‍රේමය නිසා මුළාවෙන ඇස් නොපෙනෙන ගැහැනු ළමයෙක් වටා ගෙතුණු  නිර්මාණයක්. එහි රූප රචනය වෙනුවෙනුත් අපි හුඟක් මහන්සි වුණා. ඉතින් මම හිතනවා මේ ගීත නිර්මාණයේ රූප රචනයත් සමග ඒ ගීතය සහෘදයින්ට වඩාත් හොඳින්ම සමීපවෙන නිර්මාණයක් වේවි කියලා. ඒ වගේම ඉදිරියට තවත් අලුත් නිර්මාණ කිහිපයක් කරන්නත් බලාපොරොත්තුවෙන් සිටිනවා.” යැයිද දර්ශ අප සමග පැවසුවේ ය. 

නයනා උදයංගනී 


 

 

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Next

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

Realted Post

Leave a comment