පල්ලේකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් කරපු වැඩේ

පල්ලේකැලේ බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් ඔවුන්ගේ එක් දින ආහාර   වේල  ආපදාවෙන් අවතැන්  මහනුවර ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරයි.

පල්ලේකැලේ  දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන්  2600 ක් ,ඔවුන්ගේ එක් දිනක ආහාර වේල ,මහනුවර දිස්ත්‍රික්කයේ දැඩි ආපදාවට  ලක්වී අවතැන් වූ ජනතාව වෙනුවෙන් ,පල්ලේකැලේ දුම්බර බන්ධනාගාර මූලස්ථානයේදී ,බන්ධනාගාර අධිකාරී ඩබ් එල් බී වර්ණකුල සූරිය ,මහතාගේ මෙහෙය වීමෙන්    ,කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා දිසානායක සහ පන්විල ප්‍රාදේශීය ලේකම් නිලූෂා  මනෝරත්න යන මහත්මීන්ට බාර  දෙන ලදි.

සහල් කිලෝ 600  කඩල පරිප්පු ,කිරිපිටි ,කොත්තමල්ලි ,සීනී ,තේ කොළ ,දියලුණු   මිරිස් තුනපහ ,කුළුබඩු  වියළි මිරිස් ආදී වියළි ආහාර ද්‍රව්‍ය තොගය මෙහිදී බන්ධනාගාර අධිකාරී වරයා ඇතුලු නිලධාරි මඩුල්ල විසින් ප්‍රාදේශීය ලේකම් වරියන් වෙත බාර දෙනු ලැබීය.

මෙම අවස්ථාවට  සහකාර බන්ධනාගාර අධිකාරී  ප්‍රසාද් ආරියඑත්න , ප්‍රධාන ජේලර්  අසංක සෝමරත්න යන මහත්වරු සහභාගි වූහ.

බෝගම්බර බන්ධනාගාර අධිකාරී වර්ණසූරිය මහතා ඇතුලු නිලධාරින් විසින් මෙහිදී රුපියල් ලක්ෂ 4  ක් ,පමණ වටිනා වියළි ආහාර ද්‍රව්‍ය තොගය ප්‍රාදේශීය  ලේකම් වරියන් වරියන් වෙත බාර දුන් අවස්ථාව

ජේ ඒ එල්   ජයසිංහ සහ  තෙල්දෙණිය චන්දන උඩුවාවල

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities Read Previous

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක් Read Next

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

Realted Post

Leave a comment