ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ සමු ගනියි.....

ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය.

මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි.

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි.

1941 පෙබරවාරි 10 වනදා කැලණියේ උපත ලැබූ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ කලා දිවිය අඩසිය වසරකට එහා ගිය අතීතයකට උරුමකන් කියයි.
කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකින් අධ්‍යාපනය ලැබූ ඒ මහතා, වේදිකා නාට්‍ය හරහා සිය කලා ගමන ආරම්භ කළා.

1965 දී හෙන්රි ජයසේනයන්ගේ මනරංජන වැඩවර්ජන වේදිකා නාට්‍ය හරහා සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් සිය සුවිශේෂී රංගන ප්‍රතිභාව විදහා දක්වනු ලැබුවා.

අඹු දරුවෝ, අරවින්ද සහ ඉන්දු, ගව්වෙන් ගව්ව, කඩතිර, පළිඟු මැණිකේ ඇතුලු ටෙලි නාට්‍ය ගණනාවකට ඔහු සිය රංගන දායකත්වය ලබාදුන්නා.

1965 වසරේදී ශ්‍රියා කාරියප්පෙරුම සමග විවාහ වූ ඔහුට දරුවන් තිදෙනෙක් සිටිනවා.

නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මිහින්තලා පොසොන් ආලෝක පූජාවක් සහ බත් දන්සලක් Read Previous

නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මිහින්තලා පොසොන් ආලෝක පූජාවක් සහ බත් දන්සලක්

මහනුවර හින්දු  කාන්තා සංඟමයෙන් පොසොන් පෝදා  ඖෂධීය  රසම් පාන  දන්සැලක් Read Next

මහනුවර හින්දු කාන්තා සංඟමයෙන් පොසොන් පෝදා ඖෂධීය රසම් පාන දන්සැලක්

Realted Post

Leave a comment