පින්වන්ත පිණ්ඩපාත චාරිකාවක්

2025 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය,නුවරඑළිය දිස්ත්‍රික් සාසනාරක්ෂක මණ්ඩලය බදුල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය හා තායිලන්තයේ ධම්මකාය පදනම එක්ව සංවිධානය කරන ලද පිණ්ඩපාත චාරිකාව අද නුවරඑළිය නගරයේදී පැවැත්විය.

අනතුරුව හාවා එළිය අසෝකාරාමයේදී  සියක් නමක් සඳහා වූ මහා සාංඝික දානයකි.  මේ සඳහා සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී  මුහුණුවෙල අනුරුද්ධ,නුවරඑළිය දිස්ත්‍රික් සාසනාරක්ෂක මණ්ඩල ලේඛාධිකාරී, ඔකදගල චන්දාලෝක,බදුල්ල දිස්ත්‍රික් සාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි  වංගිය කුඹුරේ සමිත, ඌව පරණගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ  ලේඛකාධිකාරි බුත්තල බුද්ධානන්ද උකුවෙල ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල  ලේඛකාධිකාරී කලුන්දෑවේ චන්ද්‍රසිරි,වලපනේ ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී මයිල ගස් තැන්නේ ධම්මානන්ද,කොත්මලේ ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි  රාවණාගොඩ නන්දසාර, නුවරඑළිය ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි කිරිඔරුවේ ධිරානන්ද, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන් මාතලේ මාඋස්සාවේ  අග්ගම්ම, ලෝක තරැණ බෞද්ධ සංඝඝ සභාවේ නුවරඑළිය දිස්ත්‍රික් සභාපති, දඹගොල්ලේ සෝමානන්ද ,  යන ස්වාමීන් වහන්සේලාද තායිලන්තය , ලාඕසය හා ශ්‍රී ලාංකික  භික්‍ෂූන් වහන්සේලා සියක් නමක් සහභාගි විය.

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Previous

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment