පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායමක් මෙරටට

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා, පූර්ණ ක්‍රියාකාරී ක්ෂේත්‍ර රෝහලකින් සමන්විත ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායමක් 2025 දෙසැම්බර් මස 02 දින ශ්‍රී ලංකාවට පැමිණියහ.

මෙම කණ්ඩායම මහියංගනය ප්‍රදේශයේ සහන සේවා කටයුතු වල නිරත වීමට නියමිත අතර, එහිදී ඔවුන් ගංවතුර හා ඒ ආශ්‍රිත ආපදාවලින් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර, හදිසි සත්කාර සහ අනෙකුත් මානුෂීය ආධාර ලබා දෙනු ලබයි. 

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි එම නියෝජිත පිරිස යුද්ධ හමුදා  විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ටිරල් ද සිල්වා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නෙගි විසින් පිළිගන්නා ලදී.

ඉන්දීය හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමේ මෙම පැමිණීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින කලාපීය හවුල්කාරිත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට Read Previous

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක් Read Next

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

Realted Post

Leave a comment