බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රජයට මිලියන 250ක්

හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම   සඳහා බණ්ඩාරනායක අනුස්මරණ  ජාතික පදනමෙන්  රජයට මිලියන 250ක මුල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම   සඳහා බණ්ඩාරනායක අනුස්මරණ  ජාතික පදනම රජය වෙත  මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.  

 ඒ අනුව බණ්ඩාරනායක අනුස්මරණ  ජාතික පදනමේ  සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ චෙක්පත  ඊයේ (08) දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  සිදු ක⁣ළහ.

අනතුරුව පදනමෙි සභපති හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්විණි. 

අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, යන මහත්වරුන් සහ බණ්ඩාරනායක අනුස්මරණ  ජාතික පදනමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය. 

වැදිරිය මංකඩ’ සමඟින් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට අලුත්ම ටෙලි අත්දැකීමක්! Read Previous

වැදිරිය මංකඩ’ සමඟින් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට අලුත්ම ටෙලි අත්දැකීමක්!

වාද්දුව මහිගර්ජනාරාමයේ කොත  පැළඳවීමේ Read Next

වාද්දුව මහිගර්ජනාරාමයේ කොත පැළඳවීමේ

Realted Post

Leave a comment