භාතිය අවසන් සුසුම් හෙළයි...

පාදයේ තුවාල සහිතව පොල්පිතිගම කැලයක වලක වැටි දින නවයක් තිස්සේ ප්‍රතිකාර ලෑබු ‘භාතිය‘ හස්තියා අද (15) උදෑසන මියගොස් තිබෙනවා. 

ප්‍රතිකාර සිදු කෙරෙමින් පවතින අතරතුර භාතිය වැතිර සිටි ඉරියවුව වෙනස් කරමින් ඊයේ දින (14) අනෙක් පසට හැරවීමද වෛද්‍ය උපදෙස් අනුව සිදු කෙරුණා. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ උපදෙස් මත වනජීවී නිලධාරීන් , යුද හමුදාව ඇතුළු කණ්ඩායමක් එක්ව භාතියට ප්‍රතිකාර කිරීමේ සියලුම කටයුතු සිදු කළා. 

කෙසේවෙතත් දින ගණනාවක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටන් වැදුණු භාතිය හස්තියා අද උදෑසන 8.55ට පමණ සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කර තිබුණා.

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Previous

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Next

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

Realted Post

Leave a comment