මංගලම් 2023 රන් හුයෙන් හදවත් බන්දන මහා මංගල්‍යය

ආදරණීය දෙහදක් රන්හුයෙන් බන්දා සිහින මංගල්‍යය සැබෑවක් කර මංගල සිහින සැරසූ අපේ කාලයේ මහා මංගල්‍යයයි මංගලම්.අති සාර්ථකව පස්වන වරටත් යුගයේ ආදරවන්තයින්ට තිලින  කරන මංගලම් ටෙලිවිෂන් වංශකතාව අලූත් කල හිරුගේ තවත් සුවිශේෂී සාඩම්බර ඉදිරිපත් කිරීමක්. ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව 25 වන හිරු සාංවත්සරික සැමරුම පෙරදැරි කරගෙන අති සාර්ථකව පස් වන වරටත් ඉදිරිපත් කරන වසරේ අති දැවැන්ත විවාහ මංගල ප‍්‍රදර්ශනය - මංගලම් 2023 වසරේදී ලක්ෂ 100 කට අධික වටිනාකමකින් යුතුව ලක්ෂ 200 කට අධික සමස්ථ පිරිවැයක් දරන අති සුපිරි මංගල උත්සව දෙකක් මංගල සිහින දකින ආදරවන්තයින් වෙනුවෙන් නොමිලයේ තිලින කරන්නට මෙවරත්  හිරු සැදී පැහැදී සිටිනවා.වසරේ මහා ටෙලිවිෂන් විවාහ මංගල උත්සවයේ පස්වන පියවර 2023 නොවැම්බර් මාසය තුළදී කොළඹ හිල්ටන් රෙසිඩන්ස් හෝටලයේදී සහ ඩබල් ටී‍්‍රබයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට්ස්  හිදී මංගල උත්සව දෙකක් ලෙස අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලූ කටයුතු සුදානම් තිබෙනවා. ශ‍්‍රී ලාංකේය මංගල උත්සවයක එතෙක්  මෙතෙක් නොදුටු අලංකාර විශේෂාංග ඇතුලත්ව උත්සවශ‍්‍රීයෙන් හැඩව මෙවර තිලිණ කරන දිත්ව මංගල උත්සව හි සුවිසල් අත්දැකීම හිරු තිරයෙන් සජීවීව සමීප කරන්නට ද සියලූ කටයුතු සැලසුම් කර තිබෙනවා.

වත්මන් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මංගල සිහිනය සැබෑකර ගන්නට සිහින දකින,ඇගිලි ගනින දහසක් බලාපොරොත්තු තබාගත් ආදරවන්තයින්ට ශක්තියක් වෙමින් මංගල ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින් රැසක් එකතුවෙනුයි මෙවර මංගලම් 2023 තව තවත් හැඩ වෙන්නේ.මංගල සිහින දකින ලංකාවාසී තරුණ තරුණියන්ගේ සිහින සැබෑ කරන්නට අති සුඛෝපභෝගී සියලූ පහසුකම් සහිතව කිසිදු වෙනස්කමකින් තොරව නගරයට මෙන්ම ගමට ද මංගල්‍යන් තිලිණ කිරීමේ අරමුණින් සංවිධානය කරන වසරේ අති දැවැන්ත මංගල ප‍්‍රදර්ශනයේ ප‍්‍රතිඵල බුක්ති විඳින්නට මේ වසරේ මංගල සිහින දකින සියලූ තරුණ තරුණියන් සැමට හිරු මෙම දැවැන්ත මංගල ප‍්‍රදර්ශනයට ආරාධනා කරන්නේ ඉමහත් ආඩම්බරයෙන්.

මෙවර වර්ෂ 2023 දී - හිරුට විසිපස්(25) වසරක් සැපිරෙන - අභිමානය පෙරදැරිකරගෙන - සරණ බන්ධනයට පෙරුම් පුරණ - ආදරය ලියලන පෙම්වතුන් කෙරෙහි - සාදර ඇරයුම් දෙන - මංගලම් - එක්  විවාහ උත්සවයක පිරිවැය ලක්ෂ 100 බැගින් දරමින් - ලක්ෂ 200ක සමස්ථ පිරිවැය මත - විවාහ උත්සවයන් 02ක් - එළැඹෙන නොවැම්බර් මාසයේ - යාවත්කාලීනව වූ විවාහ සම්ප‍්‍රධායටත් - අනාගතවාදී අලංකෘත බව මසු කරවන - යථාර්ථයක් වීමට නියමිතයි.

ඒ වෙනුවෙන් දිවයින පුරා විසිරුණු ප්‍රේමවන්තයින්ට ආග‍්‍රානය කිරීමට සලස්වමින් - සැත්තැම්බර් 10 කොළඹ හිල්ටන් ‍රෙසිඩන්හි ප්‍රදර්ශනය  ඔක්තෝබර් 08 වීරවිල ඩබල් ත්‍රීබයි රාජවර්න රිසෝට්හි ප්‍රදර්ශනය පැවැත්වේ.

ආදරය රජ වන - විවාහ දින සැරසිය යුතු මග කියන - විවාහ මංගල උත්සව ක්ෂේත‍්‍රයේ - සියලූ ඉසව් ආවරණය කරමින් - එහි සැබෑ විද්වත් ප‍්‍රවීණයින්ගේ දායකත්ව මත තැනුණු - ප‍්‍රදර්ශන කුටි වලින් ගහනය වූ - මහා මංගලම් ප‍්‍රදර්ශන භූමිය වෙත පිවිසෙන - හිත් දල්වා ගෙන අත්  අල්ලා ගත් - පිවිතුරු පෙම්වතුන් කෙරෙහි - ප‍්‍රදර්ශන පිවිසුම සඳහා නිකුත් කරන - ප‍්‍රවේශපත‍්‍රය මත සටහන් - අංකිත කුසපත් ඇදීමක් මගින් තෝරා ගනු ලබන - වාසනාවන්ත - ජයග‍්‍රාහී පෙම්  යුවළ - හිරුට විසිපස් වසරක් පිරෙන සමයේ - ලක්ෂ 100 ක පිරිවැයක් මත තැනෙන - උසස්ම - රාජකීය විවාහ මංගල උත්සවශ‍්‍රීයකින් - පිදුම් ලබන වගයි.

පිවිතුරු පේ‍්‍රමවන්තයින් අතරේ - ඔබත් - ඒ වාසනාව අත් විඳීමට නොසංසුන් නම් - එදාට - එයත් එක්ක ඔයත් එන්න.
වසරේ මහා මංගල්‍යය - මංගලම් සමඟ එකතුව (2014)රුවන්ගි සහ චමත්,(2015)වින්ද්‍යා සහ තිලිනි ,(2016)විරංගා සහ සනිර,(2017)සසංකා සහ කුෂාන්ත තම මංගල සිහිනයන් සැබෑ කර ගනිද්දී මෙවර 2023 වසරේ මහා මංගල්‍යයයේ රාජකීය මංගල සිහිනය සැබෑවක් කරගන්නා වාසනාවන්ත ආදරවන්ත යුවළ කවුරුන් වේවිද ?

මංගලම් 2023 පිළිබද මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡුාව  2023 අගෝස්තු 21 වෙනිදා සවස කොළඹ හිල්ටන් රෙසිඩන්ස් හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් උනා. 
අති දැවැන්ත විවාහ මංගල ප‍්‍රදර්ශනය සහ වසරේ දිත්ව මහා මංගල්‍යය

 

 

Office යන්න මෙහෙම අඳින්න Read Previous

Office යන්න මෙහෙම අඳින්න

කැලිෆෝනියාවෙන් නගරයක් මිලට ගමුද? Read Next

කැලිෆෝනියාවෙන් නගරයක් මිලට ගමුද?

Realted Post

Leave a comment