මාතලේ දිස්ත්‍රික් ලේකම්ගෙන් ඉල්ලීමක්

මාතලේ දිස්ත්‍රික්කයේ පිඩාවට පත් ජනතාව සදහා සහන සැලසිම් ක්‍රියාවලිය සදහා විවිධ පරිත්‍යාගශීලි පිරිස් ඒ සදහා උනන්දුවෙන් කටයුතු කරන බවත් එය ඉතා වැදගත් බවත් ඒ සදහා සිය ස්තුතිය පුද කරන බව මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා පැවසිය.

දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ භාණ්ඩ බෙදා හැරිමේදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධිකරණය කරන ලෙසත් ඇතැම් පිරිස් මෙය ප්‍රයෝජනයට ගෙන වෙනත් ආකාරයෙන් එකතු කරන බවත් එම නිසා නුසුදුසු අය සහ ව්‍යාජ පුද්ගලයින් හට ආධාර ගලා යාම ඉඩ ඇහිරනෙ බවද පැවසිය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්ද  ආධාර එකතු කිරිම් සිදු කරන බවද දිසාපතිවරයා වැඩිදුරටත් පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට Read Previous

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට

පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් කන්නේ මොනවාද? Read Next

පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් කන්නේ මොනවාද?

Realted Post

Leave a comment