මොරටුවට ලාදුරු බියක්

මොරටුව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් ලාදුරු බවට සැක කෙරෙන රෝගීන් 23 පසුගිය මාස හයක කාලයේදී වාර්තා වී  තිබෙනවා. ඉන් හය දෙනකුම දරුවන් බව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා. 

මේ වන විට සමේ රෝග සායනයට ලාදුරු රෝගීන් යැයි සැක කෙරෙන තවත් 31 දෙනකුගේ වාර්තා ද යොමු කර ඇති බව සඳහන් කළ එම කාර්යාලය තවත් ලාදුරු රෝගීන් සිටිය හැකි බවයි පවසන්නේ. 

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමටුවේදී රෝගීන්ගේ වැඩිවීම පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් ලංකාදීප වෙබ අඩවවිය වැඩිදුරටත් කළ විමසීමේදි එම කාර්යාලයේ උසස් නිලධාරියෙක් එසේ පවසා තිබෙනවා.

ලංකාදීප වෙබ් අඩවිය ඇසුරින් 

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න Read Next

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න

Realted Post

Leave a comment