රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ ඉංග්‍රීසී අංශයේ පළමු තැන

පසුගිය දා පැවති රාජ්‍ය ලමා නාට්‍ය උළෙලේ ඉංග්‍රීසි සීමිත අංශයේ ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේ ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලයි. සම්මාන උළෙල පසුගිය දෙසැම්බර් මස, අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණ. 
ප්‍රවීණ වේදිකා නාට්‍ය මෙන්ම ටෙලිනාට්‍ය කරුවකු වන සුදර්ශන බණ්ඩාර මහතා අධ්‍යක්ෂණය කළ, ගම්පහ ලයිසියම් පාසල නිෂ්පාදනය කළ "You Are The Best" ළමා නාට්‍යය මෙම නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කළ අතර, එහිදී හොඳම ඉංග්‍රීසි නාට්‍ය නිෂ්පාදනය සඳහා වූ කුසලානය දිනා ගන්නා ලදී.

මෙහිදී විශේෂත්වය වන්නේ, හොඳම නළුවා ලෙස ඉසිඳු බටගොඩ(John) සහ හොඳම නිළිය ලෙස තාන්‍යා රාජගුරු (the Cat)  දෙදෙනාම, ඔවුන්ගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් මෙම නාට්‍ය තුලින් සම්මානයට පාත්‍ර වීමයි.
හොඳම නළුවා-තෙවන ස්ථානය, රිසත් බණ්ඩාර (the sheep) සහ හොඳම නිළිය - දෙවන ස්ථානය, චනුලි වත්තෙගෙදර(the class teacher) යන දෙදෙනාද සම්මාන ලැබීය. තවද රංගනය සඳහා කුසලතා සහතිකයක් ලබා ගැනීමට, අභීත් කපිලරත්න සමත් විය.
මෙම ජයග්‍රහණය තව දුරටත් වර්ණවත් වන්නේ පහත සඳහන් සියලු ජයග්‍රහණයන්ද "You Are The Best" නාට්‍ය ලබාගැනීමයි.

* හොඳම පිටපත, ආලෝකකරණය - සුදර්ශන බණ්ඩාර 

* හොඳම රංග වින්‍යාසය - ඉෂාන් රණතුංග 
* හොඳම පසුතල නිර්මාණය- ජෙනිෆර් ජොන්සන්
* හොඳම අංගරචනය- සුදර්ශන බණ්ඩාර සහ ඉෂාන් රණතුංග 
* හොඳම ඇඳුම් නිර්මාණය- ඉෂාන් රණතුංග සහ ජෙනිෆර් ජොන්සන්
* හොඳම සංගීත නිර්මාණය- බිනුදි කහඳ සහ ටිනාරා කහඳ 
* හොඳම වේදිකා කළමණාකරණය- දෙව්රුක් රත්නායක සහ වින්ධ්‍යා ශංකලා

: මෙම නාට්‍ය ළමා මනසට ආමන්ත්‍රණය කරන ගැයුම්, වැයුම්, රැගුම් සියල්ලන්ගෙන්ම සමන්විත ආකර්ෂණීය  නිර්මාණයකි.

ආබාධිත දරුවකු වන ජෝන් ඔහුගේම මිතුරන්ගේ හිරිහැර වලට ලක් වී කොන් වන අතර ඔහුගේ දුක බෙදා ගැනීමට ළඟින් සිටින්නේ ගොවිපලේ ඉන්නා සුරතල් සතුන් පමණකි.
මිනිසුන්ට වඩා කෙළෙහිගුණ පෙන්වන සතුන්ගේ ආධාරය ඇතිව පාසලේ නැටුම් තරගයකට ජෝන් ඉදිරිපත් වෙයි.
ඔහුට සතුරුකම් කළ කෙවින් ද  මෙම තරගයට ඉදිරිපත් වෙයි. එම නැටුම් තරගාවලියේ කුසලානය කාට හිමි වූයේද?
එය දැන ගැනීමට නම් ඔබ අනිවාර්යයෙන්ම මෙම නාට්‍යය නැරඹිය යුතුය.
සියල්ලන්ම දක්ෂ බවත්, සමානාත්මතාව අප සිත් සුවපත් කරන බවත් මොනවට විහිදා දක්වන මේ නිර්මාණය සුදර්ශන බණ්ඩාර මහතාගේ නිර්මාණ අතරට එක් වන තවත් විශිෂ්ටතම නිර්මාණයකි. 
දරුවන්ගේ දක්ෂතා එළි දැක්වීමට ඔහු සහ අනෙකුත් ගුරුවර ගුරුවරියන් දැක්වූ සහයෝගයත් ඉතාමත් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ දක්ෂ සිසු දරුවනුත් ගම්පහ ලයිසියම් පාසලට ආඩම්බරයකි.
මෙම පාසල දරුවන්ගේ අධ්‍යාපනයට පමණක් නොව විෂය බාහිර කටයුතු සඳහාද නොමද දිරිගැන්වීමක් සිදු කරන පාසලකි.
අධ්‍යක්ෂතුමිය, දිල්මි රත්නායක මහත්මියත්, විදුහල්පතිනිය තිලංකා කරුණාරත්න මහත්මියත්, දරුවන්ගේ දක්ෂතා නගා සිටුවීමෙහිලා මහඟු කාර්යයක් ඉටු කිරීමට විශාල ශක්තියක් ලබා දෙති.

වසරේ හොදම කතෘ සිරිකත කතෘ අශන්ති වරුණසූරිය Read Previous

වසරේ හොදම කතෘ සිරිකත කතෘ අශන්ති වරුණසූරිය

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025 Read Next

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025

Realted Post

Leave a comment