ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සිදු කෙරෙන තේවා මාරුව අද පස්වරුවේ

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සිදු කෙරෙන දෛනික තේවා කටයුතු පෞරාණික චාරිත්‍රානුකූලව අස්ගිරි මහා විහාර පාර්ශවයෙන් මල්වතු මහා විහාර පාර්ශවය වෙත පැවරීම පසුගිය දා (11)  මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනමගේ වැඩම කිරීමෙන් සිදු කෙරුණා.  

සෑම වසරකම තේවා මාරුව ඇසළ පොහෝ දිනට පසුදින සිදුවන අතර එම අවස්ථාවට මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම, තේවා කටයුතු භාර ගරුතර මහා සංඝරත්නය, දියවඩන නිලමේතුමා ඇතුළු තේවා කටයුතු වලට සම්බන්ධ කාර්ය මණ්ඩලය සමාජිකයින් සහභාගි වනවා. 

පසුගිය වසරක කාලය තුල තේවාව කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශවය මගින් සිදු කරනු ලැබුවා. 

තේවා මාරුව අද පස්වරුවේ සිදු වීමෙන් අනතුරුව පුරා වසරක කාලයක් මල්වතු මහා විහාර පාර්ශවය මගින් දළදා සමිඳුන් උදෙසා තේවා කටයුතු සිදු කරනු ලබනවා. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Previous

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ? Read Next

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ?

Realted Post

Leave a comment