ශ්‍රී ලංකාවේ සාර්ථකම මාධ්‍ය ව්‍යාපෘතියට A+ TV රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය ‍ ආයතනයක් විසින් ක්‍රියාත්මක කළ සාර්ථකම මාධ්‍ය හා ප්‍රචාරණ ව්‍යාපෘතිය ලෙස A Plus TV රූපවාහිනී නාලිකාව ක්‍රියාත්මක කළ Little Communicator "ජාතික ව්‍යාපෘති කළමනාකරණ 2023” සම්මාන ප්‍රදානෝත්සවයේ දී  රන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමණාකරණ ආයතනය 6 වැනි වරටත් සංවිධානය කළ‘ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙල අගෝස්තු මස 16 වැනිදා  කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.

මෙහිදි කාණ්ඩ 20 ක් යටතේ ශූරතාවට සහ අනුශූරතාවට සම්මාන පිරිනැමූ අතර ව්‍යාපෘති කළමනාකරු ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම, අනුමත විෂය පථයක්, කාලරාමුවක් සහ අයවැයක් තිබීම සහ මෙම වසරේ මාර්තු 31 වැනිදා වන විට සම්පූර්ණ කළ ව්‍යාපෘතියක් වීම ආදි නිර්ණායක රැසක් මෙහිදි සලකා බලා තිබේ.

මෙහිදි ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය ‍ ආයතනයක් විසින් ක්‍රියාත්මක කළ සාර්ථකම මාධ්‍ය හා ප්‍රචාරණ ව්‍යාපෘතිය  සම්මානය A Plus TV වෙත පිරිනමා ඇත.

ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමනාකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීම  ⁣මෙම සම්මාන උළලේ අරමුණයි.

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Previous

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Next

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

Realted Post

Leave a comment