සංචාරකයන්ගේ පැමිණීම සියයට 6.6කින් ඉහළට

පසුගිය ජූලි මාසයේදී මෙරටට සංචාරකයන් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ ජූලි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් 187,810 ට සාපේක්ෂව සියයට 6.6 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව මෙම වසරේ පළමු මාස 7 තුළදී සංචාරකයන් 1,368,288 ක් මෙරටට පැමිණ ඇති අතර මෙම වසරේ සංචාරක ඉලක්කය වන ලක්ෂ 30 සීමාවට ළඟාවීමට නම් තවත් සංචාරකයන් 1,631,712 ක පිරිසක් ඉතිරි මාස 5 දී ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව තිබෙනවා. 

ජූලි මාසයේදී මෙන්ම මෙම වසරේ පළමු මාස හත තුළදීද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර පසුගිය ජූලි මාසයේදී මෙරටට සංචාරකයන් 37,128 ක් සහ පළමු මාස හත තුළදී සංචාරකයන් 279,122 ක් මෙරටට පැමිණ තිබුණා.  ජූලි මාසයේදී දෙවැනි සහ තෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් සහ නෙදර්ලන්තයෙන්. 

නමුත් මෙම වසරේ පළමු මාස හත තුළදී මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් සහ රුසියාවෙන්.

ලංකාදීප වෙබඩවිය ඇසුරෙන් 

මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ,  ’’Golden Goals ’’ Read Previous

මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ, ’’Golden Goals ’’

මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ,  ’’Golden Goals ’’ Read Next

මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ, ’’Golden Goals ’’

Realted Post

Leave a comment