ළමා රැකවරණ වැඩපිළිවෙළට බ්‍රිතාන්‍ය සහය

 

කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියත්  බ්‍රිතානය මහකොමසාරිස් Andrew Patrick මහතා සහ නියෝජ්‍ය මහකොමසාරිස් Theresa O’ Mahony මහත්මිය අතර හමුවක් පසුගිය දා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ සහ රැකියා ස්ථාන ආවරණය වන පරිදි ගුණාත්මක දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජාලයක අවශ්‍යතාව රජය සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති බවත්,

ඒ සඳහා රජය මගින් පවත්වාගෙන යනු ලබන දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ මූලික සාකච්ඡා සිදු කරමින් සිටින බවත් කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ ක⁣ළාය.

බ්‍රිතාන්‍ය, කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය සහ ළමා රැකවරණය අගය කරන රාජ්‍යක් ලෙස එම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට අවශ්‍ය පර්යේෂණ සහ විශය දැනුම සම්පාදනය සඳහා සම්පත්‍දායකත්වය ලබා දීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා තම කැමැත්ත පළ කරන ලදී.

වර්තමාන ශ්‍රී ලාංකික කාන්තාව ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට එක්වීමට සූදානමින් සිටින අතර ඔවුන් වෙනුවෙන් අවස්ථා නිර්මාණය සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙළ ද අමාත්‍යවරිය විසින් මෙහිදී  විස්තර කළ අතර,

එම වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීම සඳහා සහය අවශ්‍ය අවස්ථාවන් හිදී ඒ වෙනුවෙන් මැදිහත් වීමට තම එකඟතාවය පළකරන බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් Andrew Patrick මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර පවතින ද්වීපාර්ශවීය සබඳතා තව තවත් ශක්තිමත් කරගැනීමට මෙය අවස්ථාවක් වනු ඇති බව තම විශ්වාසය බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සහ නියෝජ්‍ය කොමසාරිස්වරිය විසින් මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ටී ෂර්ට් එක ලස්සන  නිර්මාණයක් කරමුද Read Previous

ටී ෂර්ට් එක ලස්සන නිර්මාණයක් කරමුද

කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේයට අවසන් ගෞරව දැක් වූ ජනපති Read Next

කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේයට අවසන් ගෞරව දැක් වූ ජනපති

Realted Post

Leave a comment