’’ හද ගැස්ම ’’ නොවැම්බර් 01 සිට තිරයට .

අකිල සඳකැළුම් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කල කුළුඳුල් සිනමා නිර්මාණය "හද ගැස්ම" නොවැම්බර් 01 සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාශාලා ඇතුළුව දිවයින පුරා සිනමා ශාලාවන් හී තිරගතවේ. දෙමව්පිය දූ දරු සෙනෙහසට පමණක් දෙවැනි වූ සහෝදර ප්‍රේමය පිළිබඳව තරුණ පරපුරට හිතන්නට යමක් ජීවිතයට ළඟා කරවන කාලෝචිත කතා  තේමාවකින් සමන්විත වූ මෙහි රංගනයෙන් අර්ජූන කමලනාත් , ශාලිකා එදිරිසිංහ , නයෝමි පීරීස් , නවීන් දිල්ශාන් , හර්ෂිකා රත්නායක , කුමුදිනී අධිකාරි , කුමාර වඳුරැස්ස , පවිත්‍රා වික්‍රමසිංහ ,ඉෂාන් මෙන්ඩිස් , ශාලිත ගුණවර්ධන , සෝමවීර ගමගේ ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් එක්වී ඇත . කැමරා අධ්‍යක්ෂණයෙන් හා ආලෝකකරණයෙන් ජනිත් ගුණසේකර , සංස්කරණය ,වර්ණ සංයෝජනය ,දෘශ්‍ය ප්‍රයෝග හා දෙබස් පටිගත කිරීමෙන් දනාල් තිරංජන , 7.1 ශබ්ද නිර්මාණයෙන් සහ මිශ්‍රණයෙන් දිලාන් ගුණවර්ධන , සහය අධ්‍යක්ෂණයෙන් නිමේෂ් ලක්මාල් , සටන් අධ්‍යක්ෂණයෙන් සුමුදු අමල්ක , සංගීත අධ්‍යක්ෂණයෙන් සහ ගීත රචනයෙන් ලක්මාල් ෆනැන්ඩු , ගීත ගායනයෙන් නලින් ෆනැන්ඩු ,රශිනි හෙට්ටිආරච්චි , තාරක ආචාරිගේ , වාසනා කාවින්දි ෆනැන්ඩු ද, කලා අධ්‍යක්ෂණයෙන් සුමිත් කුඩලිගම ඇතුළු පිරිසක් එක් වී ඇති " හද ගැස්ම" ඉසුරු ෆිල්ම් නිෂ්පාදනයකි .

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Previous

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment