සා.පෙළට යන දරුවන්ට සුබ නැකත්

දයාබර දුවේ පුතේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබට එය ජයග්‍රහණය කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා යන්න පළමුවෙන්ම ප්‍රාර්ථනා කරමි. ඒ සඳහා ජ්‍යෝතිෂ්‍ය විෂයෙන් ඔබට යම් ප්‍රමාණයකින් ශක්තියක් ලබා දීමටයි අපේ මේ ප්‍රයත්නය.

පිටත්වීමේ නැකැත් වලට අමතරව කළ යුතු වත් පිළිවෙත් ද තිබෙන බවත් එවැනි දෑ කිරීමෙන් ද ඔබට යම් ශක්තියක් ලැබෙන බව මාගේ විශ්වාසයයි. විභාගයට සූදානම් වන සියලුම දරුවන්ට පළමුදින වගේම විභාගය පවත්වන සියලුම දිනයන්හි හිමිදිරි උදෑසන අවදිවී සුභ වේලාවන් වලට පිටත් වීම කළ යුතුයි. මේ තිබෙන නැකැත් අතරින් ඔබට කැමති නැකතක් තෝරාගත හැකි අතර ඔබගේ දරුවාගේ කේන්දරයට අනුව ද පිටත්වීමේ නැකත් ඔබගේ ජ�ෝතිශ්‍යවේදියගෙන් ද හැකියි. මේ පොදුවේ ගත හැකි සුභ නැකත් කිහිපයකි. විභාගයට පෙර දවසේ සිට සිත් තුළ තිබෙන අනෙකුත් කරුණු කාරණා බැහැර කොට සිත නිදහස් කරගෙන විභාගය සඳහා සූදානම් වීම වැදගත් වේ. පෙර දින රාත්‍රියේ සුවබර නින්දක් ලබා ගැනීම හා අතවශ්‍ය දෙයකි. සිදු කරන්න යන්නා වූ කාර්යය පිළිබඳව බය සැක චකිතයකින් තොරව සෑම දෙයක්ම කළ හැකි යැයි සිතා කටයුතු කිරීම මැනවි. ඒ වාගේම මේ දවස් කිහිපය පරිස්සමෙන් ගත කිරීමටත්, අනවශ්‍ය කෑම, බීම ගමන්, බිමන් වලින් වැළකී සිටීමට සිහි තබා ගත යුතුයි. එම නිසා මේ දවස් කීපයේ සෑම දෙයකින්ම නිදහස්වි නිරවුල් මනසකින් ගත කරන්න වග බලා ගත යුතුයි. විභාගය දින උදෑසන අවදි වී, පිරිසුදු වී තමන්ගේ ආගම සිහිකර දෙමාපියන්ගේ දෙපා නැමද ආශිර්වාද ලබා මේ සඳහන් වේලාවන් සහ සුභ දිශා අනුගමනය කොට දකුණු කකුල පෙරට තබා පිටත්වනු මැනවි. දරුවා පිටත් වෙන මඟට ඔහුට වඩා ආදරේ කරන මම පියා හෝ වැඩිහිටියෙකු ඉදිරිපසට සුදු මල් දැමූ ජල වීදුරුවක් රැගෙන පැමිණ ඒ එන මඟ සුබ පෙර නිමිත්තක් ලෙස ආශිර්වාද කිරීමද සුබපල ගෙන දෙයි. මේ සියලුම නැකත් සෑම ආගමක දරුවෙකුට අනුගමනය කළ හැකියි.

2024 මැයි

06 වනදා උදේ - වේලාව 6.21 - 6.58 දහවල් 10.17 - 11.02 නැගෙනහිර බලා

07 වනදා උදේ - 6.19 - 6.41 - 7.02 - 7.22 දකුණ බලා

08 වනදා උදේ - වේලාව 6.16 - 6.53 - 7.17 උතුර බලා

09 වනදා උදේ- වේලාව 6.17 - 6.23 - 7.06 උතුර බලා

10 වනදා උදේ- වේලාව 6.12 - 6.44 - 7.06 දකුණ බලා

11 වනදා උදේ- වේලාව 7.01 - 7.16- දහවල් 10.51 දකුණ බලා

13 වනදා උදේ- වේලාව 6.20 - 6.58 නැගෙනහිර බලා

14 වනදා උදේ- වේලාව 6.17 - 6.42 - 7.02 - 7.21 දකුණ බලා

15 වනදා උදේ- වේලාව 6.18 - 6.51- 7.03 -7.19 උතුර බලා

16 වනදා උදේ- වේලාව 6.14 - 6.21- 7.06 උතුර බලා

17 වනදා උදේ- වේලාව 6.14 - 6.39 - 7.03 දකුණ බලා

18 වනදා උදේ වේලාව 7.02 - 7.14 දවල් 10.52 දකුණ බලා

20 වනදා උදේ - වේලාව 6.23 - 6.54 - නැගෙනහිර බලා

21 වනදා උදේ- වේලාව 6.15 - 6.43 - 7.04 - 7.22 දකුණ බලා

22 වනදා උදේ -;වේලාව 6.16 - 6.56 - 7.18 උතුර බලා

23 වනදා උදේ- වේලාව 6.15 - 6.22 - 7.08 උතුර බලා

24 වනදා උදේ- වේලාව 6.12 - 6.38 - 7.03 දකුණ බලා

25 වනදා උදේ - වේලාව 7.03 - 7.16 - දහවල් 10.46 දකුණ බලා

ICONIC AWARDS 2025 විජය පුවත්පත් සමාගමට සම්මාන රැසක් Read Previous

ICONIC AWARDS 2025 විජය පුවත්පත් සමාගමට සම්මාන රැසක්

ජනප්‍රිය කාන්තා පුවත්පත් කතෘට හිමි සම්මානයෙන් සිරිකත පුවත්පතේ කතෘ පිදුම් ලබයි Read Next

ජනප්‍රිය කාන්තා පුවත්පත් කතෘට හිමි සම්මානයෙන් සිරිකත පුවත්පතේ කතෘ පිදුම් ලබයි

Realted Post

Leave a comment