ඉකිළි - කිහිලි කළු නම්

ගැහැනු ළමයි ෆැෂන් කරන්න කැමති වුණත් ගොඩක් අය ඒකට බයයි. මොකද ඉකිළි, කිහිලි, දණහිස්වල තියෙන අඳුරු පෙනුම එයාලගෙ රූපයට බලපෑමක් කරන නිසා. ඉතින් මේ ප්‍රශ්නය නිසා ඔබත් මනසින් පීඩා විඳිනව ද? එහෙනම් මෙන්න ඔයාට  අපෙන් විසඳුම්.

  • එහෙම වෙන්න හේතු 

ශරීරයේ පවතින අධික ස්ථුලතාව මෙයට හේතුවක් වෙනවා. ශරීරය මහත් වීමත් සමග ඉකිළි, කිහිලි තදින් ඇතිල්ලීමක් සිදුවෙනවා. මේ නිසා එම ස්ථානවල සමේ පැහැය තද පැහැයකට හැරෙනවා.  බෙල්ල වටේ කළුවීමක් සමහර අයගෙ දකින්න පුළුවන්. ශරීරයේ ඇති සීනි මට්ටම ඉහළ යාමත් මෙයට හේතුවක් වෙනවා. මේ නිසා එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබා ගැනීම තමයි වඩාත්ම සුදුසු.  

  • විසඳුම් මොනවාද? 

ඇඳුම් මිල දී ගැනීමේ දී කපු මිශ්‍ර ඇඳුම් තෝරාගන්න. ඔබේ ශරීරයේ උසට සරිලන බරක් තබා ගත යුතුයි. BMI අගය නිසි පරිදි පවත්වාගෙන යාමට නම් ඔබ ආහාර ගැනීමේ දී ඒ ගැන සැලකිලිමත් වන්න. දිනපතා ව්‍යායාම්වල නිරත වීමෙන් ද ඔබට ඔබේ බර පාලනය කරගන්න පුළුවන්.
විටමින් භාවිතය ද ඉතා වැදගත්. විටමින් ඌනතා නිසාත් ඉකිළි, කිහිලි, දණඉස් අඳුරු පැහැවෙනවා.  ඒ නිසා ඔබේ ශරීරයේ ඌන විටමින් මොනවාදැයි සොයාබලා ඒවා ශරීරයට ලබා ගැනීම ඉතා වැදගත්. මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගන්න.

 

  • නිවසේ දී කළ හැකි දේවල් 

දෙහි යුෂ මේස හැඳි එකක් සහ කහකුඩු තේ හැන්දක ප්‍රමාණයක් ගෙන එයට පොල්තෙල් මිශ්‍ර කර මිශ්‍රණයක් සාදාගන්න. පසුව මෙම මිශ්‍රණය සමේ කළු පැහැගැන්වී ඇති ස්ථානවල ආලේප කර විනාඩි 30ක කාලයක් තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.
දෙහි පෙති දෙකක් කපාගෙන එය කිහිලි යටින් විනාඩි 10 ක පමණ කාලයක් තබා ගෙන සිට සෝදා හැරීම තුළින් ද යම් තරමක අඳුරුපැහැ අවම වීමක් සිදුවෙනවා.
ඉකිළි, කිහිලි නිතරම පිරිසුදුව තබා ගැනීමත් මෙහි දී ඉතා වැදගත්. අනවශ්‍ය රෝම ඇත්නම් ඒවා ඉවත් කරන්න. එතැන දී පිරිසුදුභාවය ගැන සැලකිලිමත් විය යුතුයි.
කහකුඩු තේ හැඳි එකක්, යෝගට් මේස හැඳි දෙකක් සහ මී පැණි බිංදු තුන හතරක් දමා මිශ්‍රණයක් සාදාගන්න. මෙය දණඉස්වල, ඉකිළි, කිහිලිවල ආලේප කර විනාඩි 30කට පමණ පසු මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න.
අර්තාපල් අලයක් ගෙන ශුද්ධකර සෝදා ගා ගන්න. පසුව එහි යුෂ භාජනයකට හොඳින් මිරිකා ගන්න. එයට දෙහි යුෂ මේස හැන්ඳක් සහ බේකින් සෝඩා ස්වල්පයක්  කළු වි ඇති ස්ථානවල  ආලේප කරන්න. විනාඩි 20කට පමණ පසුව සෝදාහරින්න.
කෝමාරිකා මදය ගෙන එය හොඳින් පෙණ එන තෙක් බීට් කරගන්න. පසුව එම යුෂ සම අවපැහැ ගැන්වී ඇති ස්ථානවල ආලේප කර විනාඩි 30කට පමණ පසුව සෝදාහරින්න. 

  • අදහස් දැක්වීම  - විභාග ඇගයීම් නිලධාරිනී සහ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී උපුලී ගනේගොඩ 
  • සටහන - සහශ්‍රිකා දයානන්ද

 

ලෝකයේ ප්‍රියතම ගමනාන්තය Read Previous

ලෝකයේ ප්‍රියතම ගමනාන්තය

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක් Read Next

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක්

Realted Post

Leave a comment