ටයිට් ගවුමට ගැළපෙනම විදිහ

ටයිට් ගවුම සිහින් සිරුරක් හිමි යුවතියන්ට වගේම තරමක් පිරිපුන් සිරුරක් ඇති ගැහැනු ළමයින්ටත් ගැළපෙන ආකර්ෂණීය විලාසිතාවක්. විශේෂයෙන් සිරුරේ හැඩය කැපිලා පේන්න වගේම තමන්ගේ පෞරුෂත්වය පෙන්වන්නත් මේ විලාසිතාවෙන් සැරසෙන්න පුළුවන්. සාදයට, කාර්යාලයීය සුහද හමුවකට වගේම තරුණ යුවතියන්ට ඔෆිස් අඳින්නත් ගැළපෙන ටයිඩ් ගවුමට ගැළපෙනම ආයිත්තම් මොනවද කියලා බලමු.

ටයිට් ගවුම අඳින්නේ සුහද හමුවකට නම් ගැළපෙන අත්බෑග්

ඔබ ටයිඩ් ගවුම් විලාසිතාවෙන් සැරසෙන්නේ සුහද හමුවකට නම් ඒ සඳහා වඩාත් ගැළපෙන්නේ Clutch bag සහ ක්‍රදි Cross body bag  විලාසිතාවයි. කුඩා ප්‍රමාණයේ බැක්පැක්  වර්ගයේ විලාසිතාවක්ද ආකර්ෂණීය පෙනුමක් එක්කරයි. 

ඔෆිස් යන්න 

හෝබෝ හෑන්ග් බෑග්ස් (Hobo Bag) අවුටින් බෑග් (Hobo Bag)කෙලී බෑග් 

පාවහන්

වෙජස් (Hobo Bag) ලෝෆර්ස්  (Loafers) කිට්න් හීල්ස්, ෂූ  හීල්ස් වර්ගයේ විලාසිතා ටයිට් ගවුමට හොඳින් ගළපාගන්න  පුළුවන්.

ආභරණ

කුඩා අත්ඔරලෝසුවත්, එක් වළල්ලක් පමණක් හෝ ගල්  ඇල්ලූ සියුම් අත්පළඳනාවක්, ටසල් කරාබු යුගලක් හෝ ඇඳුමේ වර්ණයට ගැලපෙන ආකාරයේ කුඩා කරාබු දෙකක්,  ගෙල මාලයක් පලඳිනවානම් කුඩා කරාබු යුගලක් ප්‍රමාණවත් වේ. නමුත් ටසල් වර්ගයේ කරාබු යුගලක්  පලඳිනවානම් ගෙල මාලයක් අවශ්‍ය වන්නේ නැහැ.

මේක්අප්

නියුඩ් වර් ණයේ නිය ආලේපන වඩාත් සුදුසු අතර ඇඳුමේ පැහැයට නිය වර් ණ යොදාගන්නේ නම්, මැට් වර් ණයද  ආකර්ෂණීයයි. චාම් මේකප් එකක් සමග කැපී පෙනෙන තොල් ආලේපනයක් ගළපාගන්න පුළුවන්.හෙයාස්ටයිල් එක පෙනුමට අනුව වෙනස් කරගන්න.
ඔබ උසින් අඩු කෙනෙකු නම් හිස මුදුනට යෙදූ පොනිටේල් එකක් සුදුසුයි. කැරලි සහිත කෙටි කොණ්ඩයක් නම් හොඳින් සැකසූ කැරලි කොණ්ඩය කඩා දමා එක් පැත්තකින් පමණක් ක්ලිප් කරගන්න.දිග කොණ්ඩයක් නම් කරලට ගොතා දමා අගිස්සෙන් වැඩිපුර කොටසක් ඉතිරි කර ඇඳුමේ වර්ණයෙන් කොණ්ඩා කටුවක් හෝ හෙයාර් බෑන්ඩ් එකක් පලඳින්න. මෙසී හෙයාර් ස්ටයිල් එකකින්ද වැඩි සුන්දරබවක් එක්කරගන්න පුළුවන්.

 

ආදරයට ආදරය බෙදන්න Read Previous

ආදරයට ආදරය බෙදන්න

ෆීල්ඩ් එකට අවොත් පවුල් ජිවිතේ ඉවරද ? Read Next

ෆීල්ඩ් එකට අවොත් පවුල් ජිවිතේ ඉවරද ?

Realted Post

Leave a comment