නැවතත් ජනප‍්‍රිය වුණු Wide leg jeans

වයිඞ් ලෙග් ඩෙනිම් කලිසම් 1920 ගණන්වල සිට 1950 කාලය දක්වා ඉතාම ප‍්‍රසිද්ධ වුණු විලාසිතාවක්. ඉන්පසු ටික කාලයක් විලාසිතා ලෝකයෙන් තරමක් ඈත්වෙලා තිබුණු එයදැන් ඉතාම ජනප‍්‍රිය විලාසිතාවක් විදියට නැවතත් කරළියට ඇවිත්. ඒ නිසා පසුගිය කාලයේ නිතරම දකින්නට ලැබුණු පෙන්සිල්කට් කලිසම් විලාසිතාව වෙනුවට වයිඞ් ලෙග් ඩෙනිම් විලාසිතාවට දැන් කාගෙත් වැඩි නැඹුරුවක් තියෙන්නේ පහසු, සැහැල්ලූ ඇඳුම් සඳහා දැන් ලොවපුරා වැඩි ජනප‍්‍රියත්වයක් හිමිවී තිබෙන නිසාත් වෙන්න පුළුවන්. 

Tight top එකකට කදිමයි

මෙම කලිසම් බහුලවම දැකගත හැක්කේ ටිකක් ටයිට් උඩ ඇඳුමක් සමගයි. සිරුරට තද ටී ෂර්ට් එකක් හෝ අත් රහිත ටෑන්ක් ටොප් එකක් වැනි දෙයකට බෙල්ට් එකක් දැමීමෙන් මෙම කලිසම හැඩ කරගන්න පුළුවන්. වයිඞ් ලෙග් කලිසමට විශාල ටී ෂර්ට් අඳිනවා නම් වඩාත් ලස්සන ටීෂර්ට් එක යටකර ඇඳීමයි. නැතිනම් දෙකම ඇඟට විශාල ඇඳුම් නිසා සුන්දර පෙනුමක් ගන්න අපහසු වෙනවා. ඒ වගේම යට කිරීම මඟින් සිරුරේ හැඩය හොඳින් පෙන්වන්නත් පුළුවන්. තරමක් බැගී උඩ ඇඳුමක් නම් ක්‍රොප් ටොප් එකක් වැනි දෙයක් හොඳින්ම ගැළපෙනවා. අත් දිග ස්වෙටර් හැඩයේ ක්‍රොප් ටොප් වුණත් ඉතාම ලස්සනයි. මීට අමතරව මෙම කලිසමට බ්ලේසර් දැමීමත් වැඩි වශයෙන් දකින්න පුළුවන් විලාසිතාවක්. සිරුරට තද ඇඳුමක් සමග බ්ලේසර් එකක් හෝ කැෂුවල් පෙනුමක ජැකට් එකකුත් වයිඞ් ලෙග් කලිසමට වඩාත් හොඳින් ගැළපෙනවා. 

Top එකට ගැළපෙන්න

ඔබ මෙය ගළපාගන්නේ ටොප් එකක් සමග නම්, අත් දිග ටොප්ස්, බැලූන් හැඩයේ අත් සහිත ටොප් හෝ අත්වල විශේෂත්වයක් ඇති ටොප්ස් ගළපාගත යුතුයි. එයද අනිවාර්යයෙන් කලිසමට යට කිරීමට අමතක කරන්න එපා. බෙල්ට් එකක් දැමීම මඟින් පෙනුම තවත් වැඩි කරගන්න පුළුවන්. වැඩි වශයෙන් මෙම කලිසම්වලට ගළපනවා දකින්න ලැබෙන්නේ සුදු වර්ණයේ ටොප්ස් වුණත් වෙනත් විවිධ වර්ණවත් පැහැයන් වගේම පැස්ටල් වර්ණත් මේ සඳහා සුදුසුයි. 

Jeans එකට ගැළපෙන පාවහන් 

මේ දිනවල නැවතත් සුදු පැහැති සපත්තු විලාසිතාව ජනප‍්‍රිය යි. මෙම කලිසම් විලාසිතාවටත් වැඩිපුරම ගැළපෙන පාවහන් වර්ගය සපත්තු නිසා වයිඞ් ලෙග් කලිසමටත් සපත්තු දැමීම මේ දිනවල ඉතාම සුලබව දකින්න පුළුවනි. සුදු සපත්තු හෝ කුඩා බූට්ස් වැනි පොඩි අඩියක් තිබෙන පාවහන්ද මේ සඳහා වඩාත් හොඳින් ගැළපෙනවා. සරල, නියුඞ් වැනි වර්ණයක හෝ ට‍්‍රාන්ස්පේරන්ට් වර්ගයේ හීල්ස් මේ සඳහා ඉතාම ලස්සනට ගළපාගන්න පුළුවන්. පටි අඩු ෆ්ලැට් සෙරෙප්පු දිගින් වැඩි කලිසමකට ගැළපෙන අතර පටි හෝ වැඩිපුර වැඩ දැමූ වර්ණවත් සෙරෙප්පු තරමක් කොට කලිසමකට හොඳින් ගැළපෙනවා.

නයනා උදයංගනී

 

 

 

 

සටනින් ජය ලබන්න දෙවන රාජසිංහ රජු කතරගම දෙවියන්ගේ  ආශිර්වාදය ලැබූ අයුරු Read Previous

සටනින් ජය ලබන්න දෙවන රාජසිංහ රජු කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබූ අයුරු

එදා මෙසී නාවපු බබා අද මෙසී එක්කම ලෝක කුසලාන ෆයිනල් එකට Read Next

එදා මෙසී නාවපු බබා අද මෙසී එක්කම ලෝක කුසලාන ෆයිනල් එකට

Realted Post

Leave a comment