පුද්ගල පෞරුෂත්වය තීරණය කරන විලාසිතා

ඇදුම් පැළදුම්  කියන්නේ නිරන්තරයෙන් වෙනස් වන විලාසිතාවකි.අපි කවුරුත් ප්‍රිය කරන ඇදුම් විලාසිතාවන් ගෙන් ඔබ හැඩ වීම ඔබේ පෞරුෂත්වය තීරණය කරන බව ඔබ දැන සිටියාද?

අද වන විට මොහොතින් මොහොත වෙනස් වන විලාසිතාවන් අනුගමනය කිරීමට වයස් භේදයකින් තොරව සැවොම ප්‍රිය කරයි.

ඔබට ප්‍රිය ලෙස ඇදුම් ඇදීම ඔබේ මනස සංසුන් කර ගැනීමට,ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමට ඉවහල් වේ.


පුද්ගලයෙකු අදින ඇදුම ,ඔහු හෝ ඇය තුළ අභ්‍යන්තර හැගීම් පෙන්නුම් කරයි. ඔහුගේ සමාජ හැසිරීම ට ද බලපාන ඇදුම් පැළදුම් තෝරා ගැනීම පිළිබඳව දී ඔබ ඒ නිසා වඩා සැලකිලිමත් විය යුතුය.


ඔබේ සමේ වර්ණයට ගැළපෙන පරිදි ඇඳුම් විලාසිතා තෝරා ගැනීම ඔබේ ආත්ම විශ්වාසය වැඩි කරයි.ඔබ පිළිබඳව සමාජයේ යහපත් හැගීමක්  නිර්මාණය කිරීමට, විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට ඔබගේ ඇදුම් පැළදුම් ඔබට උපකාරී වනු ඇත.

ඒ නිසා නිතර වෙනස් වන ජනප්‍රිය විලාසිතා වන් අනුගමනය  කිරීම වෙනුවට ඔබට ගැලපෙන  විලාසිතාවන් තෝරා ගැනීම ඔබේ පෞරුෂත්වය,ආත්ම විශ්වාසය,පෙනුම වඩාත් ගුණවත් කිරීමට උපකාරී වේ.

BBC සටහන් ඇසුරෙන් උපුටා ගන්නා ලදී.


සටහන     දුල්ෂරා මධුවන්ති.

හිතටත් ගතටත් වද දෙන නඟන Read Previous

හිතටත් ගතටත් වද දෙන නඟන

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා Read Next

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා

Realted Post

Leave a comment