MENS FASHION IDEAS

පිරිමි අයට විලාසිතා තෝරාගැනීම (Men’s Fashion/Style) කියන්නේ පෙනුමට වගේම ඔබගේ පෞරුෂත්වය,   විදාහා පෙන්වන දෙයක්. විශේෂයෙන් ලංකාවේදී නම් මීට අමතරව ලංකාවේ පවතින උණුසුමට, කාලගුණයට සහ සමාජ අවස්ථාවලට අනුකූල විය යුතුයි. ඒ වගේම විලාසිතා සඳහා ඇඳුම් පැලඳුම් වෙන් කර ගැනීමත් ඉතා වැදගත් කාරණාවක්.

  • මූලික විලාසිතා අවස්ථාව අනුව වෙන් කිරීම

මෙහිදී ඔබ කාර්යාලයට අඳින ඇඳුම උත්සවයකට, මිතුරු හමුවකට, date එකකට අඳින්නේ නැහැ. එම නිසා  අවස්ථාවට අනුව ඇඳීමෙන් පිරිමි පෞරුෂත්වය වගේම ඔහුගේ තෝරාගැනීම් වල විශේෂත්වයත් අපට දැකගත හැකි වෙනවා.

  • Casual Style  

සාමාන්‍යයෙන් දිනපතා විලාසිතා සඳහා ඇඳුම් තෝරා ගැනීමේදී සරල ඇඳුමකින් Smart පෙනුමක් ගැනීම වැදගත් වෙනවා. ඔබගේ සාමාන්‍ය ගමනකට අවශ්‍ය වන මෙවැනි ඇඳුම් කට්ටල කිහිපයක් ළඟ තිබීමත් වැදගත්.
උදාහරණයක් ලෙස සරල සහ හොඳ රෙදි වර්ගයකින් නිම වූ Plain or Printed T-shirt කිහිපයක් සමග කොට්න් හෝ ලිනන් දිගු කලිසමක්. නැතිනම් අත්කොට බට්න් සහිත  Shirt (linen/cotton) වැනි විලාසිතා ගත හැකියි. ඒ වගේම ඇඳුම සම්පූර්ණ වන්න White Sneakers or Loafers වැනි සපත්තු වගේම, ආභරණ ලෙස ඔබ කැමති ආකාරයේ  සරල අත්ඔරලෝසුවක් වගේම ස්මාට් Watch එකක්ද, Sunglasses, Cap වර්ගයේ හිස් ආවරණයක් පැලඳීමටත් ඔබට හැකියි.
කාර්යාලයට විලාසිතා 
මෙය  පිරිමි විලාසිතා අතර ප්‍රධානතම විලාසිතා වර්ගයක්. (Smart Casual/Office Style) එනම්  වැඩකට, Meetings වලට හෝ Evening Outing එකකට යන වෙලාවට සාමාන්‍ය ගමනකට වඩා විධිමත් ලෙස සූදානම් වීම වැදගත් වෙනවා. එම නිසා ඔබේ රැකියාව අනුව මෙවැනි ඇඳුම් කට්ටල කිහිපයක්ම ළඟ තිබීම ඉතා වැදගත්.           උදාහරණයක් ලෙස Plain or Patterned Shirt, ඊටත් වඩා වැදගත්ම අවස්ථාවක් සඳහා නම් Linen හෝ Cotton Blazer එකක්, Chino Pants or Dark Jeans වර්ගයේ කලිසම් යන ඇඳුම් විලාසිතා ඔබේ කාර්යාල පෙනුම  සම්පූර්ණ කරනවා. ඒ වගේම  Leather/Loafers වැනි  සපත්තු මෙම ඇඳුම් කට්ටලවල වටිනාකම වැඩි කර  පෙන්වනවා. හොඳ වර්ගයේ ලෙදර් අත්ඔරලෝසුවක් මේ ඇඳුමට හොදින් ගැළපෙනවා.

  • උත්සව විලාසිතා

ප්‍රධාන උත්සව අවස්ථා, විවාහ හෝ විශේෂ අවස්ථාවලට අඳින Formal/Classic Style එකේ ඇඳුම් වෙනත් කිසිදු අවස්ථාවකට ගැළපෙන්නේ නැහැ. ඒ වගේම මෙවැනි ඇඳුමක අඩුපාඩුවක් තිබිය නොහැකියි.
උදාහරණ: ඇඟට සරිලන ලෙස (Tailored suit) මසාගත් කළු, අළු, නිල්, බේජ් (Navy, Charcoal, Beige) වැනි වර්ණ ඕනෑම තැනකට ගැළපෙනවා. ඒ වගේම මේ ඇඳුම් කට්ටලය සම්පූර්ණ වීමට සුදු හෝ ළා පැහැති (White or Pastel Shirt) හරියටම හරි ප්‍රමාණයෙන් ෂර්ට් එකක් තිබිය යුතුයි. ඒ වගේම පාට කිහිපයක Tie/Pocket Square වැනි පලඳනා කිහිපයක් ඔබේ ඇඳුම් අතර තිබීම වැදගත් වන්නේ, අවස්ථාවට අනුව ඇඳුම වෙනස් කර ගැනීමට පහසු වීමටය. හොඳින් පිරිසුදු කරගත්, පොලිෂ් කරගත් Dress Shoes සහ සපත්තුවේ වර්ණයට ගැළපෙන හොඳ බඳපටියක් මේ විලාසිතාව සම්පූර්ණ කර ගැනීම⁣ට අත්‍යවශ්‍යම වෙනවා. 

  • සැහැල්ලු ගමන් විලාසිතා

විනෝද චාරිකාවක්  යනවා නම්, සරල ගමනක් නැත්නම් වෙරළකට වගේ ඔබට Summer/Beach Style වැනි ඇඳුම් කිහිපයක් තිබීම අත්‍යවශ්‍ය වෙයි. ලංකාවේ වැඩි උෂ්ණත්වයට ඉතා හොඳින් ගැළපෙන මෙම ඇඳුම් කපු, ලිනන් වැනි රෙදි වලින් නිම වී තිබේනම් වඩාත් සුදුසුයි.
උදාහරණයක් ලෙස වෙනත් ගමන් වලට ඔබට ඇඳීමට නොහැකි විවිධ මෝස්තර වල ෂර්ට් මෙවැනි අවස්ථාවකට භාවිත කළ හැකියි (Short-Sleeve Printed Shirts) (Floral or Tropical). Slippers හෝ Sandals වර්ගයේ විලාසිතාත්,  Straw Hat ඒ වගේම විවිධ විලාසිතාමය ආභරණත් ඔබට මෙහිදී පැලඳිය හැකියි.
මෑත කාලයේ අලුත් පරපුර අතර Trendy සහ Energetic පෙනුමක් ලබාදෙන Street Style විලාසිතාත් මේ වන විට ජනප්‍රිය වී තිබෙනවා.
උදාහරණයක් ලෙස ඇඟට තරමක් ලොකු ටී ෂර්ට්, උඩින් අඳින වෛර්ණ කොටු කමිස විලාසිතා වගේම (Open Flannel/Check Shirt) Cargo Pants සහJoggers වර්ගත් මේ විලාසිතාවට අයත් වෙනවා. සුදු හෝ ළා පැහැති Sneakers සපත්තු (Nike, Adidas, Puma වගේ) සරල Cap විලාසිතා, සරල ආභරණ වගේම Crossbody Bag විලාසිතාවන්ද ඔබට සම්පූර්ණ අලංකාර පෙනුමක් ලබාදෙනවා

  • model - Imesh madhushan                                                                                   
  •  Pic By - Rushiru Colambathanthrige 
  • ඉෂංකා ජයසූරිය
  • අදහස් දැක්වීම   විලාසිතා නිර්මාණ ශිල්පිනී   සීගිරි ජයවර්ධන

 

 

පුද්ගල සනීපාරක්ෂාව ගැන සිතමු Read Previous

පුද්ගල සනීපාරක්ෂාව ගැන සිතමු

ඊගල්ස් මෝන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවළිය - 2025 Read Next

ඊගල්ස් මෝන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවළිය - 2025

Realted Post

Leave a comment