පොල් කිරි වලින් ලස්සන වෙමු

 

කොතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළත් නිරෝගීව සෞඛ්‍යමත්  ස්වභාවිකත්වයට ළංව ඔබේ රූපය ලස්සන කරගන්න පුළුවන් නම් ඔබ කැමතියි නේද ? ඒ සඳහා පහසුවෙන්ම සොයාගත හැකි නිතර  දෙවිලේ භාවිතා කරන අමුද්‍රව්‍යකින් කර ගත හැකි නම් එය වඩාත් ආරක්ෂිතයි. ඒ වෙන මොකවත් නෙමෙයි. නැවුම් පොල් කිරියි. අපි දැන් බලමු නැවුම් පොල් කිරි යොදාගෙන හිසේ සිට පාදාන්තය දක්වා කොහොමද ලස්සනව නිරෝගීව ඉන්නෙ කියලා. 


හිස කෙස් සඳහා

මිටි කිරි කෝප්පයක් ගෙන හිස් කබලේ සහ හිස කෙස් වල ආලේප කර විනාඩි තිහක පමණ කාලයක් තබා සෝදා හරින්න. 

මෙම සත්කාරය මගින්  සිළිදු, ලස්සන, තෙතමනය රඳවන කෙස් කළඹක් ලබාදෙයි. 


හිස් හොරි සඳහා

පොල් කිරි වලට, දෙහි යුෂ බිංදු කිහිපයක් මිශ්‍ර කර හිසේ සහ හිස් කබලි ගල්වා 
සම්භාහනය කර විනාඩි 30 ක පමණ කාලයක් තබා සෝදා හරින්න .

හිස කෙස් සෝදා හැරීමේදී බාහිර සේදුම්කාරක අවශ්‍ය නොවෙයි. එලෙස සිදු කළහොත් මේ ස්වභාවික සත්කාරවලින් කිසිදු පලක් ඇති නොවෙයි. 


සම සඳහා

ස්වභාවික ක්ලේන්සර් එකක්
නැවුම් පොල්කිරි මුහුණේ ගා හොඳින් සම්බාහනයක් සිදු කර සෝදා හරින්න. 
මෙමගින් මේකප් ඉවත් කර සමේ සිදුරු ගැඹුරින් පිරිසිදු කරයි. 


ස්නානයට පෙර ස්ක්‍රබ් එකක්

පොල් කිරි වලට, කහ ස්වල්පයක්, මී පැණි බින්දු කිහිපයක් එකතු කර මිශ්‍ර කර ස්නානයට පෙර හොඳින් ආලේප කර  රවුමට රවුමට ස්ක්‍රබ් කරන්න.
මෙම සත්කාරය පැරැණි රාජ කුමාරිකාවන් පවා භාවිතා කරන ලද ස්වභාවික  ප්‍රතිඵලදායී සත්කාරයක්. 

තරුණ පෙනුම රැකගන්න ෆෙස් පැක් එකක්

පොල් කිරි ,කඩල පිටි මිශ්‍ර කර පේස් පැක් එකක් ලෙස සාදා මුහුණේ ආලේප කර විනාඩි පහළොවක් පමණ තබා සෝදා හරින්න. 

මෙමගින් සමයේ රැලි වැටීම පාලනය කර තරුණ පෙනුම රැක දේ.


ලප කැලැල් මැකීමට

පොල් කිරිවලට ,අර්තාපල් යුෂ දමා ලප කැළැල්වල ආලේප කරන්න. මෙය විනාඩි පහළොවක් පමණ තබා සෝදාහරින්න. මෙම සත්කාරය සති දෙකක් එක දිගට සිදු කිරීමෙන් සමෙ පැහැය ඒකාකාරව රඳවා ගන්න පුළුවන්. 


සමේ ආලේප කරන මෙම ස්වභාවික ආලේපන භාවිත කළ පසු බාහිර සේදුම්කාරක අවශ්‍ය නොවේ.

ඒ වගේම හිසකෙස්, සමේ මෙම සත්කාර සිදුකිරීමේදී හොඳින් පිරිසුදු, වියළි, සමට, හිසකෙස්වලට භාවිත කරන්න 


දීප්තිමත් ශක්තිමත් නියපොතු සඳහා

පොල්කිරි තරමක් රත් කරගෙන එය මද රස්නය තිබියදී  නියපොතුවල ගල්වා විනාඩි පහක් පමණ කාලයක් සම්භානය කරන්න. මෙමගින් දීප්තිමත් ,ශක්තිමත් නියපොතු ලැබෙයි 


මුඛ ශෝධනය

නැවුම් පොල් කිරි වලින් හොඳින් මුඛය සෝදන්න

කටේ තුවාල නැසීම සිදුවේ


බඩේ දැවිල්ල නසා , සමේ පැහැය වර්ධනය කරවන පානයක් 

 

නැවුම් පොල්කිරි කෝප්පයකට, සීනි දමා පානයට ගන්න

මෙයින් සමයේ පැහැය වඩවා බඩේ දැවිල්ල අඩු කර සමහි තෙතමනය රඳවයි 


සැලකිලිමත් විය යුතුයි

පොල් කිරි යනු සිසිල් කාරක ගුණය සහිත නිසා සෙම ඇඳුම කැස්ස පවතින රෝගීන්ට එතරම් සුදුසු නොවේ

 

සටහන
මහේෂානි මීගහපොල


උපදෙස්
ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත

ඉදිරි දිනවලත් තද වැසි, ගංගා ජල මට්ටම් ඉහළට Read Previous

ඉදිරි දිනවලත් තද වැසි, ගංගා ජල මට්ටම් ඉහළට

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් සම්පූර්ණ කරයි Read Next

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Realted Post

Leave a comment