බබළන සමකට Glass Skin Treatment

සම නිරෝගීව මෙන්ම දිදුලන පැහැපත් බවකින් තබා ගැනීම සඳහා තරුණියන් වගේම සෑම කාන්තාවක්ම දක්වන්නේ විශේෂ උනන්දුවක්. ඒ සඳහා විවිධ ආලේපන වර්ග භාවිත කළත් වීදුරුවක් මෙන් බබළන සමක් මුළු සිරුරටම ලබා ගන්නට නම් ආලේපන සත්කාරයන් පමණක් සිදු කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සඳහා දැන් සාර්ථක අලුත් ක්‍රමයන් පැමිණ තිබෙනවා. මේ කියන්නට සූදානම් වන්නේ එවැනිම අලුත්ම ක්‍රමයක් ගැනයි. මේකප් නැතිව බබළන සමක් හිමිකරදෙන මේ නවීන රූපලාවන්‍යය සත්කාරය ග්ලාස් ස්කින් සත්කාරය ලෙස හඳුන්වනවා.  

මොකද්ද මේ ග්ලාස් ස්කින් සත්කාරය?
ග්ලාස් ස්කින් සත්කාරයක් කියන්නේ ඔබේ සම එකම වර්ණයකට පැහැපත් කරමින් සම මතුපිට ආලේපනයක් ගල්වා ඇති පරිදි සම මතුපිට දිලිසීමයි. මෙය සමට හානියක් නොවන සේ සිදුකරන ක්‍රියාවලියකි. ප්‍රතිකාරයෙන් පසුව නිවැරදි ආකාරයට ඔබේ සම පවත්වාගෙන යනවානම් දීප්තිමත් සමක් මෙන්ම නිරෝගී සමක් දිගටම පවත්වාගත හැකිවේ. ඒ වගේම මෙහිදී ඔබට අත්වන ප්‍රධාන වාසිය වන්නේ ඔබේ සම ඉතාම දීප්තිමත් බවකින් තිබෙන නිසා ගමන් බිමන් වලදී නිතර මේකප් භාවිතා කිරීම අනවශ්‍ය වීමයි.  එවැනි අවස්ථාවක ඔබට තොල් ආලේපනයක් සහ ඇස් ආලේපනයක් පමණක් භාවිත කළ හැකිවේ.  
ප්‍රතිකාරය සිදුවන්නේ කොහොමද?
මෙය එක ප්‍රතිකාරයකින් පමණක් සිදු වන දෙයක් නොවේ. මෙහිදී භාවිතා වන සුවිශේෂී ප්‍රතිකාර මාලාවක් ඇති නිසා මෙම ප්‍රතිකර්මය සෑම අයෙකුටම එකම විදියට සිදුකෙරෙන්නේ නැත. ඒ සඳහා ගත වන කාලය සහ ප්‍රතිකාර ආරම්භ කරන විදිය සම්පූර්ණයෙන්ම සිදුවන්නේ ඔබගේ ජීවන වටපිටාවට සහ ඔබ ඔබේ සිරුර පවත්වාගෙන යන සාමාන්‍ය තත්ත්වයට අනුවයි. උදාහරණයක් ලෙස ඔබ ගන්නා කෑම බීම, ජීවත් වන පරිසරය, භාවිත කරන ආලේපන වර්ග, මේ සියල්ලම මේ ප්‍රතිකර්මය ආරම්භ කිරීම සඳහා බලපානු ලැබේ. ඒ අනුව එක එක්කෙනා සඳහා ගතවන කාලයද වෙනස් වේ.
ඔබ නිරන්තරයෙන් සමබල ආහාර රටාවක් සහ දිනපතා සම පෝෂණය කිරීම් සිදුකරන අයෙකු නම්, මේ ප්‍රතිකර්මය සඳහා ලොකු කාලයක් ගතවන්නේ නැත. උදාහරණයක් ලෙස ඔබ වයස අවුරුදු 20 ත් 25ත් අතර තරුණ වයසේ පසුවන ගැහැණු ළමයෙකු නම්, සම මනාලෙස පවත්වා ගැනීම සඳහා හොඳ තත්ත්වයේ ක්ලෙන්සර් එකක්, සීරම් එකක් සහ සන් ක්‍රීම් එකක් භාවිත කිරීම වැදගත් වේ. ඒ වගේම වයස 40ට වැඩි අයෙකු නම් සම නිරෝගීව පවත්වා ගැනීම සඳහා හොඳ තත්ත්වයේ ක්ලෙන්සර් එකක්, සීරම් එකක්, සන් ක්‍රීම් එකක් වගේම රාත්‍රී පෝෂක ආලේපනයක් භාවිත කිරීම සුදුසු වේ. මේ ආකාරයට සම හොඳින් පවත්වාගෙන යනවානම්, මාස තුනක පමණ කාලයකින් හෝ ඊටත් වඩා අඩු කාලයකින් මෙම ප්‍රතිකාරය සිදුකරගත හැකිවේ.
ඔබ මීට පෙර කිසිම රූපලාවන්‍යය සත්කාරයක් කර නැති අයෙකු නම්, මෙම ප්‍රතිකාරයේදී මුලින්ම සිදුකරනු ලබන්නේ ඔබේ සම සම්පූර්ණයෙන්ම අලුත් සමක් බවට පත්කර ගැනීමයි. ප්‍රධාන ප්‍රතිකාරයක් ලෙස සියයට අනූ පහක්ම මෙඩිකල් ඔක්සිජන් තිබෙන උපකරණ වලින් ඔක්සිජන යොදාගෙන රූපලාවන්‍ය ආලේපනයන් සම මත තැන්පත් කිරීමක් මෙහිදී සිදුකෙරේ. එයින් සම සම්පූර්ණයෙන්ම අලුත් සමක් බවට පත්වීම ආරම්භ වේ. එය එක් එක් අයගේ සමේ සොබාවය මත වෙනස් වේ. ඉන් පසුව පියවරෙන් පියවරට කරනු ලබන අනෙක් ප්‍රතිකර්ම වලට පසුව ග්ලාස් මිර(ර්) නැතිනම් දීප්තිමත් සමක් හිමිවනු ඇත.  

ප්‍රතිකාරයෙන් පසුව
මෙහිදී මෙම සත්කාරය සිදු කිරීමෙන් අනතුරුව ඔබට හිමි වී තිබෙන දීප්තිමත් සම දිගටම පවත්වාගෙන යායුතුනම්, ඒ සඳහා කළ යුතු දේවල් කිහිපයක් තිබේ. එනම් ප්‍රතිකාරයෙන් පසුව දිගටම සම සඳහා කරන පෝෂණ සත්කාරයන් නිසිලෙස සිදුකරමින් සමබල ආහාර රටාවක් ගන්නවානම් නැවත වතාවක් මෙම ප්‍රතිකාරය නොකර දිගටම නිරෝගී සම පවත්වාගෙන යා හැකිවේ.
විශේෂයෙන් සමට පැමිණෙන විවිධ රෝගාබාධ තිබෙන නිසා අපි නිරන්රයෙන් හොඳ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට පුරුදු විය යුතුය. ඒ සමග ඔබට මෙම ග්ලාස් ස්කින් එක සමබරව පවත්වාගෙන යාම වඩාත් පහසු වේ.ඉතින් පැහැපත් වෙන්න, බබළන සමක් හිමිකරගන්න විවිධ ආලේපන, රැසක් ගල්වනවාට වඩා, දැන් සාර්ථක නවීන ක්‍රම තුළින් එය තවත් පහසුවෙන් කරගත හැකිබව ඔබට දැන් වැටහෙනවා ඇති. 

උපදෙස් -

ප්‍රවීණ රූපලාවන්‍යය ශිල්පිනී  

ඩීෂා

කාල්ටන් පෙර පාසල් ජාලයේ  විවිධ ප්‍රසංගය Read Previous

කාල්ටන් පෙර පාසල් ජාලයේ විවිධ ප්‍රසංගය

එයාලට සවන්දෙන්න වෙලාවක්  හොයා ගන්න Read Next

එයාලට සවන්දෙන්න වෙලාවක් හොයා ගන්න

Realted Post

Leave a comment