මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක්

අද අපි කතා කරන්නේ හරිම සරල ඒත් ගොඩක් වටින දෙයක් ගැන. ඒ තමයි හැම වෙලාවකම ලස්සන සුවඳක් එක්ක ඉන්නේ කොහොමද කියන එක. 

සුවඳට ඉන්න ලොකු ලොකු සල්ලි වියදම් කරලා මිල අධික පර්ෆියුම් ගන්නම ඕනේ නැහැ. ඇත්තටම රහස තියෙන්නේ අපේ පුංචි පුරුදු වල.

ගැහැණු ළමයෙක් පිරිසිදුවට, සුවඳට ඉන්නකොට එයාගේ විශ්වාසය වැඩි වෙනවා වගේම වටේ ඉන්න අයටත් ඒක ලොකු සහනයක්. මේකත් අපේම Self-care වල එක කොටසක්.

ඉතින් ඔයාටත් හැමදාම සුවඳට ඉන්න උදව් වෙන සරල ටිප්ස් 20ක් මෙන්න:

1. නිවැරදිව නාන්න

මේක හරිම සාමාන්‍ය දෙයක් වගේ පෙනුනට, දිනපතා නෑමෙන් ඇඟේ තියෙන ද‍ාඩිය සහ බැක්ටීරියා ඉවත් වෙලා ගඳ නැති කරනවා.

2. හිසකෙස් පිරිසිදුව තබාගන්න

අපේ කොණ්ඩයට අවට තියෙන සුවඳවල් ඉක්මනට උරාගන්නවා. ඒ නිසා නිතරම කොණ්ඩය සෝදන්න, නැත්නම් Dry Shampoo එකක් පාවිච්චි කරලා කොණ්ඩය නැවුම්ව තියාගන්න.

3. සුවඳවත් බොඩි වොෂ් එකක් පාවිච්චි කරන්න

සැර නැති, ලස්සන සුවඳක් තියෙන බොඩි වොෂ් එකක් තෝරගන්න. රෝස, ලැවැන්ඩර් හෝ සිට්‍රස් වගේ සුවඳවල් ඔයාගේ හමට නැවුම් බවක් දෙනවා.

4. ඩියෝඩ්රන්ට් පාවිච්චි කරන්න අමතක කරන්න එපා

විශේෂයෙන් රස්නේ දවස්වලට සහ වැඩ අධික වෙලාවට දාඩිය ගඳ පාලනය කරන්න මේක ගොඩක් උදව් වෙනවා.හොද හමට හිතකර ඩියෝ එකක් ගාන්න.

5. පිරිසිදු ඇඳුම් අඳින්න

ඔයා කොච්චර සුවඳට හිටියත් ඇඳුම්වල ද‍ාඩිය ගඳ තියෙනවා නම් වැඩක් නැහැ. ඒ නිසා හැම වෙලේම අලුතෙන් සේදූ ඇඳුම් අඳින්න.


6. කකුල් ගැනත් හිතන්න

කකුල් වලට වැඩියෙන් දාඩිය දානවා. ඒ නිසා සපත්තු දාන්න කලින් කකුල් හොඳට හෝදලා, වියළා ගන්න.

7. හුස්ම ගන්නා රෙදි වර්ග තෝරාගන්න

සින්තටික් රෙදි වලට වඩා කපු (Cotton) සහ ලිනන් වගේ රෙදි වලින් මහපු ඇඳුම් ඇන්දම ද‍ාඩිය ගඳ අඩුවෙනවා.

8. ලෝෂන් එකක් පාවිච්චි කරන්න

නාලා ඉවර වුණ ගමන් ලස්සන සුවඳක් තියෙන ලෝෂන් එකක් ගෑවම ඒ සුවඳ හමේ ගොඩක් වෙලා රැඳිලා තියෙනවා.

9. කටේ පිරිසිදුකම ගැන හිතන්න

දවසට දෙපාරක් දත් මදින්න. වතුර ගොඩක් බොන්න. කටේ නැවුම් බව ඔයාගේ සුවඳට ගොඩක් වැදගත්.

10. වතුර ගොඩක් බොන්න

වතුර බොන එකෙන් ඇඟේ තියෙන විෂ ද්‍රව්‍ය ඉවත් වෙලා ඇඟෙන් නරක ගඳවල් එන එක පාලනය කරනවා.


11. ගුණදායක කෑම කන්න

පළතුරු සහ එළවළු වැඩිපුර කන එකෙන් ඇඟේ නැවුම් බව වැඩි වෙනවා.

12. ඇඳ ඇතිරිලි නිතරම හෝදන්න

කොට්‌ට උර සහ රෙදි වල දාඩිය සහ තෙල් තැන්පත් වෙනවා. ඒ නිසා ඒවා පිරිසිදුව තියාගත්තම ඔයාගේ හමටයි කොණ්ඩයටයි හොඳ සුවඳක් ලැබෙනවා.

13. Pulse points වලට විතරක් පර්ෆියුම් ගාන්න

ඔයා පර්ෆියුම් පාවිච්චි කරනවා නම් මැණික් කටුව, කන් පිටුපස වගේ තැන්වලට පොඩ්ඩක් ගාන්න. ඕනෑවට වඩා ගාන්න එපා.

14. බෑග් එක පිරිසිදුව තියාගන්න

බෑග් එක ඇතුළේ තියෙන අනවශ්‍ය දේවල් නිසා සමහර වෙලාවට ගඳක් එන්න පුළුවන්. ඒ නිසා බෑග් එක නිතර පිරිසිදු කරන්න.

15. නියපොතු පිරිසිදුව තියාගන්න --ත්

අපි හැම තැනම අත ගාන නිසා නියපොතු වල කුණු රැඳෙන්න පුළුවන්. දෑත් පිරිසිදුව තබා ගැනීම මුළු ඇඟේම පිරිසිදුකමට වැදගත්


16. ව්‍යායාම කරපු ගමන් ඇඳුම් මාරු කරන්න

වර්කවුට් කළාට පස්සේ ද‍ාඩිය පෙඟුණු ඇඳුම් ඉක්මනින් මාරු කරන්න.

17. ස්වභාවික සුවඳවල් පාවිච්චි කරන්න

රෝස වතුර, සඳුන් හෝ ලැවැන්ඩර් වගේ ස්වභාවික දේවල් වලින් ඔයාට හරිම සෞම්‍ය සුවඳක් ලැබෙනවා.

18. කාමරයට හොඳින් සුළං එන්න දෙන්න

ඔයා ඉන්න කාමරේ වාතාශ්‍රය හොඳ නම් ඔයාගේ ඇඳුම් සහ කොණ්ඩයට නරක සුවඳවල් උරාගන්නේ නැහැ.

19. නිතරම පාවිච්චි කරන දේවල් හෝදන්න

ස්කාෆ්, ජැකට් සහ රෙදි බෑග් වගේ දේවල් හෝදන්න අපි ගොඩක් වෙලාවට අමතක කරනවා. ඒවත් පිරිසිදුව තියාගන්න.

20. ඔයාගේ ආත්ම විශ්වාසය තමයි වැදගත්ම

තමන් ගැන සැලකිලිමත් වෙන, ආත්ම විශ්වාසයෙන් ඉන්න ගැහැණු ළමයෙක් කොහොමත් නැවුම්ව පෙනෙනවා.

20. ඔයාගේ ආත්ම විශ්වාසය තමයි වැදගත්ම

තමන් ගැන සැලකිලිමත් වෙන, ආත්ම විශ්වාසයෙන් ඉන්න ගැහැණු ළමයෙක් කොහොමත් නැවුම්ව පෙනෙනවා.

අන්තිමට කියන්න තියෙන්නේ, සුවඳට ඉන්නවා කියන්නේ ලොකු මිල අධික දෙයක් නෙවෙයි. ඒක ඔයාගේ පිරිසිදුකම සහ පුරුද්දක් විතරයි. ඔයා ඔයාගේ ඇඟට වගේම අවට පරිසරයටත් ආදරේ කරනවා නම් ඒ නැවුම් බව ඔයාගේ ජීවන රටාවේ කොටසක් වේවි.

පවුල් සංස්ථාවක ගැටුම් කලාත්මකව පෙන්නවා... Read Previous

පවුල් සංස්ථාවක ගැටුම් කලාත්මකව පෙන්නවා...

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය  සහ විවාහක අවුරුදු කුමරා කුමරිය  2026 Read Next

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය සහ විවාහක අවුරුදු කුමරා කුමරිය 2026

Realted Post

Leave a comment