ලස්සනට ඇඳලා පිරිසුදුව ඉන්න ආස ඔයාට


කාන්තාවකට යුවතියකට පිරිසුදුකම, පිළිවෙළ අත්‍යවශ්‍යයි. ඔබ ලස්සන වටිනා ඇඳුම් පැලඳුම් භාවිත කළත් වැඩක් නැහැ පිරිසිදුකම සහ පිළිවෙළ නැතිනම්. 

  • ඇඳුම් එකිනෙකට ගළපන්න

උදාහරණයක් ලෙස සුදු පාට කපු කමිසයක වෙළෙදපොළ මිල බොහොම අඩුයි. නමුත් එය නිසියාකාරව ගැළපීමෙන් (ඩෙනිම් වර්ගයේ / ලෙදර් වර්ගයේ ඇඳුමක් සමග) බොහොම සම්පුර්ණ සහ සුන්දර පෙනුමක් ලබා ගැනීමට හැකියි.

  • එක් වටිනා ආයිත්තමයක් එක් කරගන්න

මෙය ඇඳුමට වඩා පැලඳුම් (accessory) සම්බන්ධව වටිනා අදහසකි. ඔබ සාමාන්‍ය සරල ඇඳුමක් ඇන්දත් එයට වටිනා පෙනුමක් සහිත ආභරණයක්, බඳ පටියක්, බෑගයක්, සපත්තු දෙකක් හොඳ පෙනුමක් ලබා දෙයි.

  • Not too much

විලාසිතා සම්බන්ධව මෙය වැදගත් කාරණාවකි. වටිනා සන්නාමීය ඇඳුමක් වුවත් පෙනෙන්නේ එය පෙනෙන පරිදි තිබුණොත් විතරයි. මෝස්තර ගොඩක් මිශ්‍ර කිරීමෙන් නැත්තම් තිබෙන තරම් සේරම ආභරණ පැලඳීමෙන් ඒවායේ වටිනාකම වගේම ඔයාගෙ පෙනුමටත් හානි වෙනවා. සාමාන්‍යයෙන් අපි කොටස් දෙකක ඇඳුමක් තෝරා ගැනීමේදී පවා මේ ගැන සැලකිලිමත්වීම වටිනවා. Floral top එකක් අඳින විට ඒ සමග Polka dot pants භාවිත කරන්නේ නැහැ. 

  • වටිනා මෝස්තරයක්

වසරේ ප්‍රසිද්ධම විලාසිතා ප්‍රවණතා ගැන ඔබ අවධානයෙන් නම් ඉන්නේ ඔබට පුළුවන් අවුරුද්දක් පුරාවට ඇඳුම් අල්මාරිය වෙනස් නොකර Fashion icon එකක් වෙන්නත්.

  • ලාබ නොවන බඩු

අද වෙළෙඳපොළ ගොඩාක් තරගකාරියි. ඔබට ඕනෑම විලාසිතා අයිතමයක් අඩු මිලට ගත හැකියි. නමුත් එවැනි දේවල් ඔබගේ පෙනුමට හානි කිරීමට හේතුවක් විය හැකියි. උදාහරණයක් ලෙස ඔබට අත් ඔරලෝසුවක් ගන්න අවශ්‍යයි නම් ඔබට රුපියල් 250 සිට ඔරලෝසු අද Online market එකෙන් ගත හැකියි. එම නිසා අත් ඔරලෝසු, අත් බෑග් වැනි දේ මිලදී ගනිද්දි ලාභ දේ වෙනුවට වටින දේ ගැනීමට යොමුවෙන්න. එය පෙනුමට වගේම  කල් පැවැත්මටත් හොඳයි.

  • නොපෙනෙන දේ ගැනත් බලන්න

උඩ ඇඳුම් පිළිබඳ සැලකිලිමත් වුවත් ඔබගේ යට ඇඳුම් පරණ, අපිරිසිදු, නොගැළපෙන දේවල් නම් ඔබේ පෙනුමට වගේම පෞරුෂත්වයටත් හානිවිය හැකිය. ගැහැනු ළමයි සමහර වෙලාවට ඇඳුමට යටින් යට ඇදුමට ගහපු කටු පේනවා. නැතිනම් රේන්ද ගැලවුණු යට සායවල් අඳිනවා. යට ඇඳුම් පෙනුනා හෝ නොපෙනුනා ඒ දේවල් පිරිසුදුව පිළිවෙළට ඇඳිය යුතුයි.

  • සපත්තු

ඇඳුමට ගැළපෙන සපත්තු දෙකක් ඔබට වටිනා පෙනුමක් ලබා දෙනවා. බකල් ගැලවුණු, හමගිය, කිලිටු සපත්තු දෙස ඔබ නොසිතන ආකාරයට හැමෝගෙම අවධානය යොමු වෙනවා. අනිත් දේ ගැළපීම. අවස්ථාව අනුව සපත්තු ගළපා ගැනීමත් වැදගත්.

  • පිළිවෙළ හා පිරිසුදුකම

ඔබ ලෝකයේ වටිනාම සන්නාමය පැලඳුවත් ඔබගේ පෞද්ගලික පිරිසුදුකම පිළිවෙළ සෘණ නම් ඔබ Fail. සමහර විට අපි දකිනවා හරිම වටින ඇඳුම් අඳින ගැහැනු ළමයින්ගෙ හිසකෙස් පිළිවෙළක් නැහැ. හිසකෙස් පැළිලා, තැනින් තැන සුදු වෙලා ඉස්පොරි හැදිලා. එහෙම කෙනෙකුගෙ ඇඳුමක් කෙතරම් වටිනවා වුණත් වැඩක් නැහැ. සමහර අවස්ථාවල නියපොතු අපිරිසුදු වෙලා ඔබේ සිරුරෙන් අප්‍රසන්න දුඟදක් හමනවා නම් දැන් වෙළෙඳපොළේ මේ හැමදේටම විසඳුම් තිබෙනවා.

ඉෂංකා ජයසූරිය

ළමා රැකවරණ වැඩපිළිවෙළට  බ්‍රිතාන්‍ය සහය Read Previous

ළමා රැකවරණ වැඩපිළිවෙළට බ්‍රිතාන්‍ය සහය

දෙමළෙන් දවස් කියන්න ඉගෙනගමු... Read Next

දෙමළෙන් දවස් කියන්න ඉගෙනගමු...

Realted Post

Leave a comment