සමටත් නිරහාරව ඉන්න දෙන්න

සම කියන්නේ අපේ සිරුරේ තියෙන විශාලතම ඉන්ද්‍රියයි. සමේ සුන්දරත්වය රැක ගැනීම සඳහා මේ වෙද්දි භාවිත කරන රූපලාවන්‍ය නිෂ්පාදනයන් ද එමටයි. මේ කියන්නේ සම නිරහාරව ඉන්න ඉඩ ලබා දී නමුත් ස්වභාවිකව නිරෝගීව ලස්සන වෙන්න පුළුවන් අපූරු ස්වභාවිකත්වය මුසු වූ සත්කාර කිහිපයක්.

 සමටත් නිරහාරව ඉන්න  කියන්නේ මොකද්ද ?
ඔබ සිරුරේ නිරෝගිභාවය සිරුරේ හැඩය තකා බඩට විවේකයක් ලබා දෙන අවස්ථා තියෙනවා නේද? ඒ වගේම තමයි සමටත් කිසිදු බාහිර ආලේපන කිසිවක් භාවිත නොකර දින කිහිපයක් නැවුම්ව පිරිසුදුව තබා ගැනීමයි. නමුත් ඔබට මේ දින කිහිපය තුළදී සමට ස්වභාවික සත්කාරයන් භාවිත කරන්න පුළුවන්. ඒ කොහොමද කියලා බලමු.

සම නිරහාරව ඉන්න ලබාදෙන කාලය තුළ භාවිත කළ හැකි ස්වභාවික සත්කාර. 

රතු කැකුළු බත් පෙන සීරම් - බත් මුට්ටිය උතුරා පිසීගෙන එන උකු පෙනවලින් මේස හැඳි දෙකක් පමණ ගැන නිවෙන්න තබා උදෑසන මුහුණේ සමෙහි ආලේප කර විනාඩි පහළොවකින් සෝදහරින්න. සම නිරහාරව සිටින දින කාලවලදී මෙම ආලේපනය භාවිතයෙන්  රතු කැකුළු සහල් වල තිබෙන ඉහළ පිෂ්ඨය, විටමින් සාරය නිසා තාරුණ්‍යය පිරි මුහුණක් ලබා දෙයි.

ස්වභාවික කොලෙජන් සත්කාරය - කොස් ඇට එකක් හෝ දෙකක් ගෙන හොඳින් තම්බා පොත්ත ඉවත් කර පොඩි කර යට එළකිරි ස්වල්පයක් හෝ නිවුණු උණුවතුර ස්වල්පයක් දමා මිශ්‍ර කරන්න. දැන් එම ආලේපනය මුහුණ ගෙල ආලේප කර වියළෙන්න තබා ඇල් වතුරෙන් සෝදා ඉවත් කරන්න. මෙමගින් සමෙහි අනවශ්‍ය රැලී ඉවත් කර තාරුණ්‍ය රැක දේ. 

සමේ ස්වභාවික පැහැපත් බවට - නැවුම් සියඹලා දළු අහුරක් ගෙන එයට වතුර කෝප්පයක් එකතුකර තම්බා පෙරාගෙන කපු පුළුන් කැබැල්ලකින් මුහුණ පිස දමන්න. මේ රාත්‍රී කාලයේදී නින්දට පෙර සිදු කරන්න. මුහුණේ මැරුණු සම හොඳින් ඉවත්කර ඒකාකාරීව සම පැහැපත් කරවයි. 

සම නිරාහාර සත්කාරය කළ යුතු වාර ගණන - මෙම සත්කාරය සතියකට එක් දිනක් හෝ මසකට දින තුනක් කිරීම ප්‍රමාණවත්. වතුර හොඳින් පානය කරන්න. විශේෂයෙන් මේ කාලයේදී වතුර ලීටර් හතරක් හෝ ලීටර් තුනක් හොඳින් පානයට ගන්න. එළවළු / පලතුරු/පලා වර්ග හොඳින් ආහාරයට ගන්න. 

සුව නින්දක් වගේම මානසික සුවය හොඳින් පවත්වා ගන්න - මෙමගින් සමෙහි ඇතුළත පිරිසුදු වී පිටත සම දිදුලවමින් පැහැපත් කරවයි.

උපදෙස් - ආයුර්වේද වෛද්‍ය, හර්ෂ නිරිඇල්ල. 
සටහන - මහේෂානි මීගහපොල.

Low Volume – High Quality නකල්ස් ගැන ගත්ත අලුත්ම තීරණය Read Previous

Low Volume – High Quality නකල්ස් ගැන ගත්ත අලුත්ම තීරණය

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා Read Next

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා

Realted Post

Leave a comment